ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.....
අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝග තීරණයට එකඟ නොවන අතර ඊට එරෙහිව හෙට(04) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරිමේ තමන් සුදානම් වන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. Read the full article
d e v o n
todays bird

No title available
Alisa U Zemlji Chuda
AnasAbdin
🪼

Origami Around

祝日 / Permanent Vacation

Kiana Khansmith

tannertan36
PUT YOUR BEARD IN MY MOUTH
TVSTRANGERTHINGS
macklin celebrini has autism
Claire Keane
tumblr dot com

No title available
we're not kids anymore.
Jules of Nature
No title available

❣ Chile in a Photography ❣

seen from Malaysia

seen from United States
seen from United Kingdom

seen from Malaysia

seen from United States
seen from United Kingdom

seen from United States

seen from United States
seen from United States

seen from Hungary

seen from Malaysia
seen from Malaysia

seen from Malaysia
seen from United Kingdom
seen from United States
seen from United States
seen from United States
seen from United States

seen from United States
seen from United States
@lankapost-blog
ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.....
අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝග තීරණයට එකඟ නොවන අතර ඊට එරෙහිව හෙට(04) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරිමේ තමන් සුදානම් වන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. Read the full article
චීනෙට තවත් කෙනෙක්…..
චීනය ස්වයං ලෙස සංවර්ධනය කළ උභයාකරයේ විශාල ප්‍රමාණ ගුවන් යානයක් නිපදවා තිබේ. එය ජලයේ සිට ගුවන් ගතවීම හා ජලය මත ගොඩබෑම පිළිබද පරික්ෂනයන්ද සාර්ථක ව තිබේ. AG600 ලෙස නම් කළ මෙම යානය චීන ගුවන් යාන නිශිපාදන හා සේවා කර්මාන්තයේ ස්වයං නිපැයුම් හී සුවිශේෂී ජයග්‍රහණයක් බවයි පවසන්නේ. චීනයේ හූබෙයි පළාතේ ජින්ග්මන් නගරයේදී AG600 යානය සිය ප්‍රථම ජලය මත ගොඩබෑම හා ගුවන්ගතවීම සාර්ථක කර ගැනීමේ අත්හද බැලීමේ පියාසැරිය සිඳුකර තිබේ. AG600 යානය චීන විශාල පරිමාණ ගුවන් යානා බල ඇණියට එක්වන 3වැනි සාමාජිකයාය. Read the full article
මොකක් හරි ඇති…..
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව දැනට වැඩ තහනමට ලක්ව ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගෙන් දින තුනක් තිස්සේ ප්‍රකාශ ලබාගන්නේ ඒ තරම් විශාල ප්‍රශ්නයක් මෙම කුමන්ත්‍රණය පිටුපස තිබෙන නිසා විය යුතු යැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. මේ සිද්ධිය තුළින් රාජ්‍යය හෙල්ලූම් කා ඇතැයි ද රටේ අභයන්තර අර්බුදයක් මෙන්ම බාහිර අර්බුදයක් පැන නැගී ඇතැයි ද මේ වනවිට රෝ සංවිධානය දක්වා ප්රශ්නය ඔඩු දුවා ඇතැයිදා ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. ඝාතන කුමන්ත්‍රණ ගැන ජනාධිපතිතුමන් අදහස් දක්වමින් පරික්ෂණවල ප්‍රගතිය ඉතා සෙමින් සිදුවන බව පවසා ඇති නිසා එතුමා එසේ කියන්නේ තමනුත් නොදන්නා බොහෝ දේ දන්නා නිසා විය හැකි යැයි ද එ.ජා.ප.යට සිනහවට ලක් කරන කරුණක් වී ඇති මෙම කුමන්ත්‍රණ කථාව පිළිබඳව එම පක්ෂයේ නිහඬතාව බලවත් හඬක් යැයි තමන්ට සිතෙන බවද මන්ත්‍රීවරයා පැවැසීය. මෙම කුමන්ත්‍රණයට රෝ සංවිධානය පැටලවීමට උත්සහ දරන්නේ පරික්ෂණ නොමඟ යැවීමට යැයි කී නානායක්කාර මහතා සැබැවින්ම ජනාධිපති ඝාතන උවමනාව ඇත්තේ ඇමෙරිකන් ඔත්තු සේවාවන්ට යැයි ද කීය. ඇමරිකා ඔත්තු සේවාවන්හි අරමුණ ඔවුන්ගේ නියෝජිතයා රටෙහි නායකයා කිරීම යැයි ද හෙතෙම සඳහන් කළේය. Read the full article
අපි පොහොට්ටුවෙන්......
ඉදිරි සියලුම මැතිවරණවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් තරඟ කරන බව පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසිය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට අගමැතිධූරයට පත්ව සිටින හෙයින් එතුමන්ගේ ආශීර්වාදයෙන් සියලු මැතිවරණ සඳහා ඉදිරිපත්වන බව කාරියවසම් මහතා කියා සිටියේය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන පක්ෂයක් බවට පත් කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය, පොදුජන එක්සත් පෙරමුණ අහෝසි වන්නේදැයි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු සාමාන්‍යයෙන් ලොකු පක්ෂය වටා එකතුවීමක් හැර පොඩි පක්ෂ වටා ලොකු පක්ෂ එකතු නොවෙන බවයි. මෙම තත්ත්වය මත සෙසු පක්ෂ වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත විය හැකි බවයි සාගර කාරියවසම් මහතා පෙන්වාදුන්නේය. Read the full article
අපි පක්ෂෙන්.....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ ඉදිරි දේශපාලන වෙනස්වීම අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හා සමස්ත ලංකා කාරක සභාවේ තීරණ අනුව කටයුතු කරන බවයි. කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනසක් නොවන බව ඔහු පැවසිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාම වාදී පක්ෂයක් ලෙස මේ වන විට ශක්තිමත් තැනක තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන් හා නව අගමැතිවරයා ලෙස පත්ව සිටින මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීමෙන් පක්ෂය කටයුතු කරමින් සිටින ඔහු පැවසීය. Read the full article
ගිය හේතුව.....
තමන් මෛත්‍රී – මහින්ද ආණ්ඩුව සමග එක්වුනේ දෙසැම්බර් 31 වැනිදාට පෙර උතුරු – නැගෙනහිර හමුදාව යටතේ පවතින සියළුම ඉඩම් නිදහස් කර දීමටත්, දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ලද ධනාත්මක පිළිතුර නිසාත් යැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය එස්.වියලේන්දිරන් මහතා පවසයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය. “ජනාධිපතිවරයා පොදුවේ ආරාධනා කළා , මම ගිහින් එකතු වුණා. දෙසැම්බර් 31 වැනිදාට පෙර උතුරු – නැගෙනහිර හමුදාව යටතේ පවතින සියළුම ඉඩම් නිදහස් කරලා දෙනවා කියලා කිව්වා. දේශපාලන සිරකරුවන් ගැනත් ජනාධිපතිතුමා ධනාත්මක පිළිතුරක් දීලා තියෙනවා. මම පක්ෂයෙන් ඉවත් වෙලා නැහැ.” Read the full article
ආයේ කල්යයි.....
නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු තවත් දින 05කට පාර්ලිමේන්තුව කල් තැබීමට තවදුරටත් අවස්ථාවක් පවතින බව හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. ඒ, පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සඳහායි. පාර්ලිමේන්තුව කැඳවන දිනයේ සිදු කළ යුතු කටයුතු පිළිබඳ පැහැදිළිව ලිඛිතව දක්වා ඇති බව මෙහිදී ඔහු පැවසිය. පළමු පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු ඉදිරි කටයුතු සදහා එහිදී එනම්, 14 වැනිදා සවස 12 දෙනෙකුගෙන් යුත් ස්ථාවර කාරක සභාවක් ස්ථාපිත කළ යුතුව ඇති බවද ඔහු සඳහන් කළේය. ලබන 14 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට අදාළව ජනාධිපතිවරයා විසින් ඉකුත්දා ගැසට් නිවේදනයද නිකුත් කරනු ලැබිය. Read the full article
එක්ව සමරයි.....
ලොව පුරා හින්දු බැතිමතුන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විය. සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ජනාධිපතිවරයා විසින් හින්දු බැතිමතුන් වෙත සිය සුභාශිංසන ද පිළිගැන්වුවේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අංගජන් රාමනාදන් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ හින්දු බැතිමතුන් විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියෝය. Read the full article
දෙකම එකයි.....
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය පිලිබඳ පරීක්ෂණය සදහා සිදුවූ බව කියන දුරකතන සාකච්ඡාවන්ට අදාල හඩපට නාමල් කුමාර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිවාගේ කටහඩට සමානබව හෙලිවෙයි. ඒ බව අනාවරණය වූයේ මේ පිළිබදව පරීක්ෂණ කරන පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කළ ප්‍රකාශයක් අනුවයි. Read the full article
එක නිලධාරිවාදය…..
පළාත් සභාවල පරිපාලනය නිලධාරීවාදයට යටත් කිරීම ඒකාධිපති පාලන තන්ත්රයකට සමාන යැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට සහ පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම්දී තබේ. පළාත් සභා වැඩි ප්‍රමාණයක නිල කාලය අහෝසි වී තිබෙන බැවින් ඒවායේ කටයුතු මහජන නියෝජිතයින්ගෙන් ගිලිහී යාම නිලධාරීවාදයට යටත් වීමකැයිද එය පළිගත නොහැකි ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවකැයිද මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ලිපියක් මගින් මෙලෙස දැනුම් දී ඇත. එම ලිපිය පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශයට මෙන්ම ආණ්ඩුවට හා දේශපාලන පිළිගත් දේශපාලන පක්ෂවලට යවා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. Read the full article
20 නැති එකයි ප්රශ්නය.....
19වන සංශෝධනය විධායක බලතල සහ පාර්ලිමේන්තු බලතල අතර අතරමැදි අවස්ථාවක් බවත් 20වන සංශෝධනය සම්මත කරගත්තා නම් මෙවැනි අර්බුද ඇති නොවන බවත් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව්. ගුණසේකර මහතා සඳහන් කරයි. 1994 සිට අවස්ථා ගණනාවකදී මෙරට ජනතාව විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීමට ඡන්දය භාවිතා කර ඇති නමුත් කිසිවෙකුත් එය අහෝසි නොකළ බවත් මෙම ව්‍යවස්ථා අර්බුද මතුවන්නේ විධායක ජනාධිපති ධුරයේ ඇති බලතල නිසා බවත් එම විධායක ධුරය අහෝසි කළ යුතුය යන මතයේ තමන් දැඩි ස්ථාවරයක සිටින බවත් ඒ මහතා සඳහන් කරයි. රුපවාහිනී වැඩසටහනට එක්වෙමින් ඩිව්. ගුණසේකර මහතා මේ බව සඳහන් කළේ ය. 20වන සංශෝධනය සම්මත කරගන්නා තාක්කල් මෙම ව්‍යවස්ථාව තුළ මෙවැනි ව්‍යවස්ථාමය අර්බුද දිගින් දිගටම ඇතිවන බවත් මෙහිදී ඩිව්. ගුණසේකර මහතා අවධාරණය කළේ ය. Read the full article
දහයකින් අඩුවෙයි.....
සහල් සැපයුම්කරුවන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව සහල් කිලෝවක මිල රුපියල් දහයකින් අඩු කිරීමට තීරණය කළ බව ආමත්‍ය මහින්ද අමරවීර කියයි. Read the full article
Pick Me අලුත් තැන්වල…..
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික ටැක්සි සේවා සපයන්නා වන Pick Me සමාගමේ නවතම කාර්යාල කුරුණෑගල, මහනුවර, ගම්පහ, ගාල්ල නගරවලදී ප්‍රධාන විධායක නිලධාරි ජිෆ්රි සුල්ෆර්, ප්‍රධාන ක්‍රියාකාරී නිලධාරි ඉසිර පෙරේරා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ හා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත විය. මේ වන විට මීගමුව, කඩුවෙල, වැල්ලම්පිටිය, පිළියන්දල, අත්තිඩිය, කළුතර, මාතලේ, ජා ඇළ යන නගරවලටද Pick Me සේවා ව්‍යාප්තවී ඇත. මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන විධායක නිලධාරි ජිෆ්රි සුල්ෆර් මහතා, “ඔබගේ නගරයට පැමිණීමත්, රියැදුරු ව්‍යවසායකයන්ට වෘත්තිය මට්ටම ඉහළ නංවා ගනිමින් ආදායම වැඩි කර ගන්නට අවස්ථාව සැලසීමත්, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ වර්ධනයට දායක වීමත් අපට විශාල සතුටක්.” යනුවෙන් පැවසීය. “පසුගිය වසර තුන පුරා අප සමඟ එක් වූ රියැදුරු මහත්වරුන්ට වෘත්තීය ගරුත්වයක් සහිතව අභිමානවත්ව සිය සේවය රටට ලබා දීමට හැකි වුණා. එසේම නවීන තාක්ෂණය මුසු වූ Pick Me ටැක්සි සේවය පාරිභෝගික ජනතාවට විශ්වාසවන්ත සහ කාර්යක්ෂම ප්‍රවාහන මාධ්‍යක් වූ බව ස්ථිරයි.” ප්‍රධාන ක්‍රියාකාරී නිලධාරි ඉසිර පෙරේරා මහතා පැවසීය. Read the full article
එයාලට සල්ලි එපා…..
ක්‍රිඩා අමාත්‍යාංශයට පසු ගිය අයවැයෙන් වෙන් කළ මුදලින් 52%ක මුදලක් භාවිතයට නොගෙන ආපසු භාණ්ඩාගාරය වෙත යවා ඇත. පසුගිය අයවැයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් 448,43,72000ක් (මිලියන 4485ක් පමණ) වෙන් කර ඇති අතර එයින් මහා පරිමාණ ව්‍යාපෘති සඳහා මිලියන 2665ක් වෙන් කර තිබේ. එසේ වුවත් මේ මුදලින් අඩක්වත් ක්‍රීඩාවේ උන්නතියට නොගෙන ආපසු භාණ්ඩාගාරය වෙත යැවීමට කටයුතු කර තිබේ. විශේෂත්වය වන්නේ දුෂ්කර ප්‍රදේශවල ක්‍රීඩාවේ සංවර්ධන කටයුතු සිදු කිරීමට ලබා දුන් මුදල් පවා මේ නිසා ප්‍රයෝජනයට නොගෙන ආපසු යවා තිබීමයි. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් එච්.ටී. කමල් පද්මසිරි මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ අය වැයෙන් වෙන් කළ මුදලින් 50%කට වඩා මුදලක් ප්‍රයෝජනයට නොගැනීම සත්‍ය බවත් එසේ වූයේ මහා පරිමාණ ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම සඳහා ටෙන්ඩර් ප්රදානය ප්‍රමාද වූ නිසා බවයි. Read the full article
ගං වතුරට වන්දි…..
ගංවතුරෙන් හානි වූ දිස්ත්‍රික්ක 12ක ජනතාවට පිසූ ආහාර, වියළි ආහාර, පානීය ජලය, රෙදිපිළි හා ගොඩනැඟිලි හානි ලෙස මේවනවිට රුපියල් දස ලක්ෂ 42ක් පමණ බෙදාදී ඇත. දිස්ත්‍රික්ක 12ක 75,000ක් දෙනා පසුගිය සතියේ පැවති ගංවතුර හේතුවෙන් පීඩාවට පත් වූ අතර, නිවාස 50ක් සම්පූර්ණයෙන් විනාශ විය. ඊට අමතරව නිවාස 26,350කට අර්ධ හානි සිදු වූ අතර, ව්‍යාපාර 633ක්ද අඩාළ වී තිබේ. මේ සියලු දෙනාට රුපියල් දසලක්ෂ 25.5ක් ලබාදෙන අතර, ඉතිරි දේපොළ වන්දි ජාතික රක්ෂණ භාරකාර අරමුදල මඟින් ලබාදීමට නියමිතව තිබේ. Read the full article
කටාර් වීසා ලංකාවේ…..
කටාර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කටාර් වීසා මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කෙරේ. එය ශ්‍රී ලංකාවේ කටාර් රාජ්‍යයේ තානාපති ආචාර්ය රෂීඞ් බින් සාෆියා අල් – මාරී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වි ය. කටාර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ වීසා සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මේජර් අබ්දුල්ලා කලීෆා අල් මොහන්දී මහතාද සහභාගී විය. වීසා මධ්‍යස්ථානය තුළදී කටාර් රාජ්‍යයේ රැකියා සදහා අයදුම් කිරීමේදී අවශ්‍ය වන ජීවමිතික (Biometrics)තොරතුරු වන රැකියා ගිවිසුම් අත්සන් කිරීම සහ වෛද්‍ය පරීක්ෂණ කිරීම වැනි සියලූ කටයුතු කිරීමට හැකිවීම විශේෂත්වයකි. වීසා ගැනීමේ ක්‍රියාවලියේ දී විශේෂයෙන් වැදගත් වන වීසා අයදුම්පත නිසි ලෙස පිරවීමේ සිට සියලූ කටයුතු ජාත්‍යන්තර මට්ටමින් මෙහිදී සිදුකෙරෙයි. වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියේදී අවශ්‍ය වන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිර්දේශ අංකයක් ගැනීම, අන්තර්ජාලය ඔස්සේ ඕන්ලයින් තාක්ෂණයෙන් හමුවීම් වෙන්කර ගැනීම සහ හමුවීම ඇති වෙලාවට විනාඩි පහලොවකට පෙර කටාර් විසා මධ්‍යස්ථානයට යාමට හැකිවීම වැනි පහසුකම් සලසා ඇත. ඒ අනුව වීසා මධ්‍යස්ථානයේ පිළිගැනීමේ කවුන්ටරයේ දී වීසා අයදුම්කරුගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමෙන් පසු අවශ්‍ය ලිපිලේඛණ පරීක්ෂා කර ටෝකන් අංකයක් නිකුත් කරයි. අදාල ටෝකන් අංකය කැදවීමෙන් පසු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අයදුම්කරුට සිය රැකියා කොන්ත්‍රත්තුව අත්සන් කිරීම හා ජීවමිතික (Biometrics) තොරතුරු හා වෛද්‍ය පරීක්ෂණ කිරීමට හැකි වේ. මෙම ක්‍රියාවලියෙන් පසු අදාල අයදුම්කරුට සිය අයදුම්පත පවතින තත්ත්වය හා සිය සේවාදායකයා කවුරුන්ද යන්න වග ඔන්ලයින් ඔස්සේ දැනගැනීමට හැකි වේ. නව වීසා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේ දී අදහස් දැක් වු කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය රෂීඞ් බින් සාෆියා අල් – මාරී මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සහ කටාර් රාජ්‍යයේ ද්විපාර්ශවික සබදතා තවදුරටත් පුඵල් කිරීම සදහා නව වීසා මධ්‍යස්ථානය විවෘත කළ බවයි. මෙම අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබදව තමා ඉතා සතුටට පත්වන බව පැවසු ඒ මහතා, අයදුම්කරුවන්ට බාධාවකින් තොරව පහසුවෙන් හා කඩිනමින් වීසා ලබාගැනීම සදහා මෙම පියවර ගත් බව ප්‍රකාශ කළේය. Read the full article
තවත් පුටු 18ක්…..
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හිස්ව පැවති සාමාජිකත්වය සඳහා නව රාජ්‍යයන් 18 ක් තෝරාපත් කර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ පැවති රහස් ඡන්ද විමසීමකදී මෙම නව රාජ්‍යන් 18 ට තෝරා ගෙන ඇති බවයි. ඒ අනුව එම රටවල් 18 ට ලබන වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට වසර තුනක ධූර කාලයක් හිමි වනු ඇත. ආර්ජන්ටිනාව, ඔස්ට්‍රියාව, බහමාස්, බහරේන්, බංග්ලාදේශය, බල්ගේරියාව, බර්කිනාෆාසෝ, කැමරූන්, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එරිත්‍රියාව, ෆීජි, ඉන්දියාව, ඉතාලිය, පිලිපීනය, සෝමාලියාව, ටෝගෝ හා උරුගුවේ රාජ්‍යය එලෙස මානව හිමිකම් කවුන්සිලයට එක් වු නව රාජ්‍යයන්ය. Read the full article