වෙලාවට කරන වැඩ
හෙට පැවැත්වෙන චන්දය ගැන ලංකාවේ සහ ලංකාවෙන් පිට ඉන්න අපි කව්රැත් ලොකු විමතියකින් ඉන්නවා. මම ඉන්න ගෛෘප් එකක , නිතරම ලොකු ටෝකස් දෙන පුකේ ලිබරල් මහත්තයෙක් මේ දින වල ජනතා විමුත්ති පෙරමුනේ ගුණ ගායනා කරනවා.
මේක අහපු මගේ මිත්‍රයෙක් මට කියනවා කොහොමද මගේ මිත්‍රයාගේ මාමා (ඔහු 1971 ජනතා විමුත්ති පෙරමුනේ කැරැල්ලට සම්බන්දව සිරගතව පසුකාලීනව විශ්වවීද්‍යාල කතිකාචාර්ය වරයෙක්ව සිට දැන් විශ්රමිකයි) වරක් ජනතා විමුත්ති පෙරමුනේ හිටපු නායකයා ගේ නිවසට ගිය වරෙක ඒ හිටපු නායකයා අධීසුඛොපභොගී ඝනයේ අත්ඔරලෝසුවක් පැලඳ ඉන්නවා දැක, ඒ ගැන සිත්තැවුලක් ඇති කරගත් කතාවක්.
ඇත්තටම අත්ඔරලොසුව හරහා පුද්ගලයන්ගේ දේශපාලන ගැන ලොකු අවබොදයක් ගන්ට පුලුවනි.
පසුගිය කාලය මියන්මාරයේ යැන්ගොන් ප්රරාන්ත රජයේ ප්‍රධාන ඇමති ඌ පියෝ මින්තෙන් ට ඩොලර් ලක්ස ගානක් වටින Patek Philippe ඔරලෝසුවක් ගැන ප්‍රශ්නයකට මුහුන දෙන්ට වුනා. ඒක එතුමා දර්ශීය දේශපාලඥ ක්‍රරමයට උත්තර දුන්නා. ඔය කියන ඔරලෝසුව ගැන ප්‍රථම වරට ලියපු ජනමාධ්‍යවේදියා අද ඉන්නේ සිරබත්කමින් .
Patek Philippe ගැන කියන කොට මතක් වෙන්නේ අපේ චන්ද්‍රරිකා මැඩම්.
එතුමිය ජනාධිපතිනිය වෙලා ටික කාලෙකින් Patek Philippe තමයි දාන්න ගත්තේ. ඒ හොරගොල්ල වලව්වේ ඉඩමක් විකුනලා නම් නොවෙයි. ඔරලොසු ගැන තව කතා තියෙනවා.
මියන්මාරයට අල්ලපු රට තායිලන්තයේ උප අගමැති (සහ හිටපු ජෙනරාල් වරයෙක්) ප්‍රවිත් වොන්ග්සුවොන් විරැද්ධවත් පැමිනිල්ලක් ආවා මෑතකදී ඔරලෝසු ගැන. ඒ උන්නැහැ ට තියෙනවා කියලා ඩොලර් ලක්ස ගානක් වටින ඔරලෝසු එකතුවක් සහ ඒ හා සම්බන්ද වත්කම් ප්‍රශ්නයක් .ඒ ගැන තායිලන්තයේ සමාජ ජාල හරහා ලොකු ප්‍රචාරයක් සහ සාකච්ඡා ඇති වුනා. අවසානයේ තායිලන්තයේ ව්යයවස්ථාදායක සභාව තීරණය කලා එය සැලකිය යුත් කරැණක් නොවෙයි කියා .තායිලන්තයේ උප අගමැති ප්‍රවිත් තායිලන්තයේ දැනට බලපවත්වන නව ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථාදායක සභාව නීර්මාණය කරන්ට බොහොම වෙහෙස වුන කෙනෙක්.
මේ අතරේ , කාම්බෝජයේ අගමැති හුන් සේන් උන්නැහැ ගැනත් ඔරලොසු කතාවක්.තියෙනවා. එරට අගමැති හැටියට මාසයකට ඇමරිකන් ඩොලර් 2500ක පඩියක් ගන්න හුන් සෙන් කොහොමද කියලා ඩොලර් 100,000 ක ඔරලෝසුවක් ගන්නේ කියලා. ඇතත්ටම එතුමා තම පඩියෙන් ඉතිරි කරලා ඉතිරි කරලා ( ජාතික ඉතිරිකිරිමි බැංකුවේ නොවෙයි) ඒ වගේ වටිනා ඔරලෝසුවක් ගන්න පුලුවනි. මොකද එතුමා දැන් අව්රැදු විස්සකටත් වඩා කාම්බෝජයේ අගමැති නිසාත් තව අව්රැදු විස්සකට වඩා එකේ කටයුතු කරන නිසාත්.
මලයාසියාවේ හිටපු පාලක පක්ෂය සහ එයට සම්බන්ද නායකයන් සහ එවකට විපක්ෂය (වර්තමාන මහතීර් මොහොමඩ් රජය) සම්බන්ද නායකයන් පලඳින ඔරලෝසු ගැන විමර්ශනයක් කරපු සමාජ ජාල ක්‍රියාකාරියෙක් ඒ ගැන හෙලිදරව්වක් කරල කියෙනවා.
මේ කලාපයේ සිංගප්පූරුවේ සහ ඉන්දුනීසියාවේ නායකයන් ගැනත් මේ වගේම කතා තියෙනවා. ඒත් ඒ ගැන මෙතන ලියන්ට වෙලාවක් නැත. මන්ද දැන් මගේ දිවා අහාර වෙලාවයි. කන වෙලාවට වැල් වටාරම් ලිය ලිය ඉන්ට හොඳ නැහැ.
මේ අමතර කරැණක්...ලොකයේ ජනාධිපතිතුවරැන්, ඒකාධිපතියන්, ලෝක නායකයන් සහ ඔවුගේ සුඛොපභොගී ඔරලෝසුගැන.













