නජීබ් ගේ බැංකු පොතේ අවුල
මලයාසියාවේ හිටපු අගමැති නජිබ් ට කෙලවෙලා වගෙයි. මලයාසියාවේ වත්මන් අගමැති අර 'දුවන්ට-පනින්ට' වත් බැරි , හැරමිටියෙන් යන අව්රුදු 90ක් ද කොහිද වයස (නිශ්චිත නෑ ) මහතීර් උන්නැහේ තමයි මේ දුෂණ විරෝදී පාලනය ගෙනියන්නේ.
මලයාසියාවේ දේශපාලනය ගැන මට එතරම් උනන්දුවක් නැත. නජිබ් අගමැතිව සිටියදී මහජන මුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක් පමණ සොරකම් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
නමුත් මෙම නඩුවේදී මා වඩාත් උනන්දු වන්නේ නජිබ්ගේ නීති කන්ඩායම එම අරමුදල් සවුදි රාජකීය පවුලෙන් ලැබුණා මිස මහජන අරමුදල් නොවන බවට කරන තර්කය ( නජිබ් , තම ගිණුමේ තියෙන මුදල් සෞදි රජ පවුලෙන් ලැබුණා යයි උපකල්පන කලාලු) ..
මගේ ප්රශ්නය වන්නේ සෞදි රජ පවුල නජිබ්ට මෙතරම් මුදලක් ලබා දෙන්නේ මන්ද යන්නයි. ඒ කුමන කාරිය හෝ සේවය සඳහා ද ?
සෞදි රාජකීයයන් ආසියාවේ (සහ ලංකාවේ) අනෙකුත් මුස්ලිම් දේශපාලන නායකයින්ට අරමුදල් ලබා දෙනවාද ?
එය එසේ නම්, කුමන අරමුණක් සඳහාද?
ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් කියන්නේ තේ බොන්න දීපු පොකට් මනි හෝ ටැක්සි මනි නොවෙයි කියලා නම් පැහැදිළියි .


















