Sri Lankan Singer Deepal Silva passes away ( January 15, 2017, Colombo, Sri Lanka Guardian) Popular Sinhala singer and artiste Deepal Silva passed away last morning at the Ragama hospital.

seen from Germany

seen from T1

seen from T1

seen from United Kingdom
seen from United States
seen from Nigeria
seen from T1
seen from Malaysia

seen from T1

seen from T1
seen from United Kingdom

seen from Netherlands
seen from T1

seen from Italy

seen from T1
seen from Iraq
seen from T1
seen from United Kingdom
seen from Finland

seen from Malaysia
Sri Lankan Singer Deepal Silva passes away ( January 15, 2017, Colombo, Sri Lanka Guardian) Popular Sinhala singer and artiste Deepal Silva passed away last morning at the Ragama hospital.
මේ රටේ මිනිස්සු – තනිකර කෙලින්නෙ පිස්සු.. දීපාල් සිල්වා නොහොත් ලංකාවේ එළිමහන් ප්‍රසංග කලාව ගැන දන්නා බොහෝ දෙනෙක්ට අනුව “පොඩි ළමය“ අද රාගම ශික්ෂණ රෝහලේදී ජීවිතයෙන් සමුඅරගෙන. මියයන විට දීපාල්ගේ වයස අවුරුදු 50ක් විතරයි. හැබැයි දීපාල් ඒ 50 ඇතුලේ ගහපු ගේම අවුරුදු 80-90 ජීවත්වෙලා රාජ්‍ය ගෞරව සහිතව අවසන් ගමන් ගියපු සමහර දේශපාලඥයන්ටවත් කරන්න බැරිවුණා. දීපාල් දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු පාසල් වේදිකාවෙන් ජාතික වේදිකාවට එන්නේ බොහොම වේගවත් ගමනක්. ඔහු වේදිකාවේ කරපු මතක හිටින චරිතයක් තමයි “නෙයිනගේ සූදූව“ නාට්‍යයේ නැවත නිර්මාණය කරලා රඟ දක්වද්දි එහි “තට්ට සාජන්ගේ“ චරිතය. ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ නිලධාරියෙක් විදිහට ඔහු කරපු චරිතය නිහාල් සිල්වාගේ නැවත ඉපදීමක් හා සමාන වුණා. නමුත් දීපාල් සිල්වා නම රටට යන්නේ ඔහු ප්‍රසංග වේදිකාවට ඇවිත් ගී කියන්න පටන් ගත්තට පස්සෙයි. “පොඩි ළමයා“ කියන අනුවර්ත නාමයෙන් ඔහු ගායනා කරපු ගීත අතර “මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු“ ගීතය බොහොම ප්‍රසිද්ධ වුණා. මේ ගීතය නොගැයුණ වේදිකාවක් නැති තරමටම ප්‍රචලිත වුණා. අන්තිමට චන්ද්‍රිකා බණ්ඩාරණායක ආන්ඩුවේ දැඩි විරෝධතා පවා එල්ලවුණා මේ සින්දුවට. රටේ අභිමානයට කැළලක් වෙනවා කියලා. ඒත් ඇත්තටම රටේ අභිමානයට කැළලක් වුණේ දීපාල්ගේ සින්දුවද නැත්නම් ඒක විවේචනය කරපු සුචරිතවාදීන්ද කියන එක ප්‍රශ්නයක්. දීපාල්ගේ සින්දු ඇතුලේ බොහොමයක් තිබුණේ සමාජය,දේශපාලනය,ආර්ථිකය,අන්ධ භක්තිය වගේ කරුණු දැඩි උපහාසාත්මක විදිහට හෙලා දැකීමයි. ඒකත් එක්ක දීපාල්ගේ සින්දු සමහර අයට තිත්ත බෙහෙත් වගේ වුණා, දිරවන්නෙම නැතිව ගියා. ඒ නිසාම දීපාල්ට සමහර ලොකු ලොකු තැන්වල වේදිකාව තහනම් වුණා. හැබැයි පොඩි මිනිහාගේ පොඩි තැන්වල වේදිකාව කවදාවත් දීපාල්ට තහනම් වුණේ නෑ. දීපාල් ගායනා කරපු “මල් ඔතනෝ මුන් මල් ඔතනෝ“ ගීතයේ කෙලවරක තියන “නීතිය නෑ ආතල් දන්නේ“ කියන කතාව කොච්චර ඇත්තද, අමුද කියන එක අපි හොඳින් දන්නවා. එක පැත්තකින් දීපාල් කලේ බොබ් මාලේ කරපු දේම තමයි. බොබ් මාලේ කලෙත් එක් පැත්තකින් සමාජ විවේචනය. දීපාල් මැරුණම හොඳ කියලා වැඩක් නෑ, ඒත් අපි ඔහු ජීවත්වෙන කාලෙත් අගය කලා. ඔබත් ඒ ඇගයුම ඔහුට කරන්න ඇති. ඒ නිසා ඔහු කොහේ හරි හොඳ තැනක ඉපදේවි කියන එක අපේ ප්‍රාර්ථනයක්. හැබැයි දීපාල් ආයෙ කවදාවත් “මේ වගේ තනිකර පිස්සු කෙලින“ මිනිස්සු ඉන්න රටක ආයෙත් ඉපදෙන්න කල්පනා කරනවානම්. දෙපාරක් හිතන්න.