අභය බිමක් සොයා මිනිසුන් සමග පොරබදින වන අලි කුමාරතුංඟ මුනිදාස ශූරීන්ගේ ’හීන්සැරය’ කෘතිය කියවූ මනස්තුල පුංචි කටුස්සෙකුගේ ප්රඥානවන්ත උපක්රමශීලීත්වය හමුවේ පසුබැසගිය ශරීරයෙන් දැවැන්ත අලියා පිළිබඳ කතාව උගත හැකිය. එහෙත් අලියා යනු ඥානවන්ත සතෙක් නොවන බවට කිසිවෙක්ට තර්ක කල නොහැකිය. එහෙත් දෙපා සතාගේ කල්ක්‍රියාව නිසා උමතුවෙන් මෙන් ඉතිරිව ඇති බිම්කඩ පුරා සාගින්නේ මරබියෙන් දිවයන අලිපරපුර ගැන මේ දිනවල නැවත කතාබහ මතුව ඇත. දළදාව කරමත තබාගෙන තේජස් ගමනක යන්නට පාගමනින්ම යන නැදුන්ගමුවේ රාජා හස්ථියාට වන්දනාමාන කරමින් ගරුබුහුමන් කරන ලංකාවාසී මිනිසුන්ම එම පරපුරේම ඥාතීවන අලිඇතුන් ගම්වදින විට මොනවාහරි කරලා අලිටික පන්නන් යැයි වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ඇත්තටම අසරණ අලින් ද නැතිනම් වනය ආසන්න ගම්වාසී මිනිසුන් ද කියා අපටද ගැටළුවක් මතුවීම ස්වාභාවිකය. අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, මඩකලපුව, මොණරාගල,බදුල්ල, හම්බන්තොට යන දිස්ත්‍රික්ක නිරතුරුවම වන අලින්ගේ ප්රහාරයන්ට ලක්වන දිස්ත්රික්කයන්ය. මීට කලකට පෙරාතුව කැකිරාව නගරයට කඩාවැදුණු අලියෙක් විශාල හානියක් කරන අයුරු රූපවාහිනියෙන් දුටුවෙමු. පසුගිය දිනවල හම්බන්තොට නගරය තදාසන්න ප්‍රදේශවලට නිරතුරුව කඩාවදින වන අලි රංචු කිහිපයක් නිසාවෙන් ඒ ප්‍රදේශවල ජනතාව ජීවත්වන්නේද මරබියෙන්ය. අලි-මිනිස් ගැටුම් ගැන සමීක්ෂණ, පරීක්ෂණ කරන අපේ රටේ දේශපාලඥයින්, පරිසර නිලධාරීන්, පරිසරවේදීන්ට තවමත් හැකිව ඇත්තේ අලි වැටක් ගසා විදුලියෙන් සීමාව වෙන්කිරීම පමණි. එහෙත් අලිවැටට වෙට්ටු දමා ගම්වදින අලින් නිසා අද වනවිට ගම්වැසියන්ගේ ජීවිත මෙන්ම අලින්ගේ ජීවිතද ඇත්තේ ඉතා අන්තරායක අඩියකය. හම්බන්තොට අලි කලබල හම්බන්තොට යන පසුගිය රාජපක්ෂ පාලනයේ ෆැන්ටසි නගරය ලෙස හැඳින්වූවාට වරදක් නැත. ශුෂ්ක දේශගුණික පරිසර පද්ධතියක් පැවති හම්බන්තොට එක් පසකින් යාල, බූන්දල වැනි ඉතා වටිනා පරිසර පද්ධතීන්ගේ පෝෂණය ලබති. ඒ පරිසර පද්ධතීන් දෙකම අතීතයේ පටන් අලින්ගේ ක්ෂේම භූමියක් බවට පත්ව තිබූ ප්රදේශයන්ය. ලෙනාඞ් වුල්ෆ් ගේ ’බැද්දේගම’, බ්‍රෝහියර් ගේ ’ බ්‍රෝහියර් දුටු ලංකාව’ කෘතියේත්, දොස්තර ස්පිට්ල් ගේ බොහොමයක් කෘතිවලත් රුහුණු මාගම්පත්තුවේ අලි ගහනය පිළිබඳ ඉතා වැදගත් සාක්ෂි සපයයි. මහානාග රාජධානි සමයේ සිටම මිනිස්වාසීන්ටත් වඩා ප්‍රමාණයක් අලි මේ ප්‍රදේශ නිජභූමිය බවට පත්කරගෙන සිටිබවට සාධක තවමත් ඉතිරිව ඇත. මිනිසුන් විසින් දිනෙන් දින වන ජීවීන්ගේ වාසභූමි අත්පත් කරගනිමින් තමන්ගේ අවශ්‍ය තා ඉටුකර ගනිමින් සිටින අතර වන අල උන්ගේ සාම්ප්‍රදායික නිජබිම්වලට බලෙන් ඇතුළුවූ මිනිසුන් සමග ඔවුන් ගැටුම් ඇතිකරගැනීම එක් පැත්තකින් බලාපොරොත්තු වියයුතු අභාග්‍යසම්පන්න ඉරණමකි. බඳගිරිය, සිරිබෝපුර, මයුරාපුර, මිරිජ්ජවිල, මීගහජඳුර, අම්බලන්තොට, බැරගම මෙන්ම වරාය පිවිසුම, වරාය සීමාව, පරිපාලන සංකීර්ණය, නව රෝහල, සම්මන්ත්රණ ශාලාව, සුචී ගම්මානය, ලූණු ලේවාය, කජු සංස්ථාව වැනි ඉසව් බොහෝවිට වන අලින් නිතර ගැවසෙන ස්ථාන බවට පත්ව ඇත. ඊට අමතර මත්තල, සූරියවැව වැනි ප්‍රදේශද නිරතුරුව වන අලින්ගේ ප්රහාරයන්ට ලක්වන ප්‍රදේශ බවට අද පත්ව ඇත. මේ ප්‍රදේශවල වන ආශ්‍රිතව ජීවත්වන ජනතාව බොහොමයක් සිටින්නේ යන්තම් කටුමැටි ගෑ පැල්පත්වලය. ඒවාට පහරදෙන අලින්ගේ කරදර නිසා ජනතාව කල්ගත කරන්නේ මරබියෙන්ය. පසුගිය කාලයේ සංවර්ධන ව්‍යාපෘති යටතේ හම්බන්තොට එළිපෙහෙලි වනවිට වන අලින් ගම්වැදීම සාමාන්‍යකරණය වී ඇති අතරම ජීවිත සහ දේපල අහිමිව දුක් විඳින්නේ හම්බන්තොට රජගෙවල්, මන්දිරවල දිවිගෙවන සිටුවරුන්, ධන කුවේරයන් නොව අලින් මෙන්ම අසරණ මිනිසුන් පිරිසක්වීම එක් පැත්තකින් ඉතාම කණාගාටුදායක සිදුවීමකි. වෙනදා වී බිස්සෙන් වී සොරකම් කරන්නට, ඉඳහිට ලූණු මල්ල ඇදගෙන යන්නට ගම්වදින වන අලින් වෙනුවට අද වනවිට මාගම්පත්තුවේ සැරිසරන්නේ අභය බිම් අහිමිව සරණාගතයන් බවට පත්ව හසරක් නොමැතිව ඇවිදින අසරණ අලින්ය. මෙම ප්‍රදේශයේ අලි මරණ සහ අලි ප්‍රහාර හේතුවෙන් සිදුවන පුද්ගල මරණ සම්බන්ධයෙන් වගකිව යුත්තේ මෙම අක්‍රමවත් සංවර්ධන කටයුතුය. සංවර්ධනයෙන් අලි අනාථයි ලංකාවේ දෙවැනි ජාත්‍යයන්තර ගුවන්තොටුපොළ ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප්‍ර දේශයේ අලි - ඇතුන්ගේ ප්රනධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ අක්කර 5000 ක් සම්පූර්ණයෙන් යොදා ගැනීම සිදු කෙරිණි . ඉන් පසුව ඒ ආශ්රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට ල හම්බන්තොට වරාය ඉදි කිරීමට ල හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව ල මිරිජ්ජවිල ආයෝජන කලාපය ල හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉදිකිරීම සඳහාද දැවැන්ත වනාන්තර ප්රකමාණයක් ඉවත් කෙරිණ ග මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව ල දිමුතුගම ල එලල්ල ල පහළ මත්තල ල උඩ මත්තල ගල බඳගිරිය සහ ලූණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප්‍රදේශවලට වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය වී ඇත. මේ නිසා වගා බිම්වලට හා දේපළවලට සිදු වී ඇති හානිය සුළු පටු නොවේ ග සමහර ගොවි ජනතාව වගා කටයුතුවලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ ග අලි - මිනිස් ගැටුම නිසා 1990 සිට වසර 2000 දක්වා කාලයේදී අලි 1300 ක් මිනිස් ජීවිත 350 ක් අපට අහිමි වී ඇත ග 2012 - 2013 - 2014 වසරවලදී හා මේ මාසයේ මුල් මාස 8 ඇතුළත අපට අහිමි වූ අලි ගණන 779 කි ග මිනිස් ජීවිත ගණන 215 කි ග මේ අනුව වසරකට අපට අහිමි වන අලි ගණන 220 කි ග මෙම වසරේදි පමණක් මාතලේ හා පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙක තුළ අලි මිනිස් ගැටුම නිසා මිනිස් ජීවිත 23 ක් ද අලි මරණ 45 ක් සිදුවී ඇත. විසඳුම කොතැනද? වන අලි ගැටළුවට ස්ථිරසාර විසඳුමක් තවමත් ලබාදීමට කිසිඳු රජයකට හෝ සංවිධානයකට හැකියාව ලැබී නොමැත. අභය භූමි තුල පවා අභය නොමැති ඇත් පරපුර ගම්වැදී සිදුකරන හානිවලින් සිදුවන ජීවිත හානිවලට,දේපල හානිවලට ද නිමක් නැත. විදුලි වැට යනු යල් පැනගිය සංකල්පයක් බව හම්බන්තොට ප්‍රදේශය පුරා සංචාරය කරන ඕනෑම අයෙක්ට දැකගත හැකිවන්නේ ස්ථාන ගණනාවකින්ම විදුලි වැට වන අලින් විසින් බිඳදමා ඇති ආකාරය අනුවය. අලි ඇතුන් වනාන්තර ප්‍රදේශවලින් පන්නා දැමීම කිසිසේත්ම කල නොහැකිය. එම සතුන් පරිසර පද්ධතියේ කොටසක් බැවින් වේගයෙන් වඳවීමේ තර්ජනයට මුහුණදී ඇති අලි සම්පත රැුකගන්නට නම් නිසැක වශයෙන්ම සාර්ථක විසඳුමක් අවශ්‍යවේ. ප්‍රධානතම කරුණවන්නේ වනාන්තර එළිකර ජනාවාස ඉදිකිරීම පාලනය කිරීමය. සංවර්ධන යෝජනා ක්‍රම වලටත් වඩා වේගයෙන් ග්‍රාමීය ප්‍රදේශවල වනාන්තර හෙළිකර ජනාවාස ඉදිකිරීම නිසා ඉබේම අලින්ගේ වාසභූමිවලට ජනතාව පැමිණ ඇත. අනිත් පැත්තෙන් ඒ බලහත්කාරයෙන් කරන ලද වන විනාශය නිසා ආහාර අහිමිව අලින් ගම්වැදීම සහ උමතුවෙන් මෙන් කටයුතු කිරීම සාධාරණය. මෙරට අලි ඇතුන් කිසිසේත්ම පින්නවලට,යාලට,උඩවලවට කොටුකර තැබිය නොහැකිය. අලියා නම්වන සත්වයා හොඳින් වැඩුණ පසු අවම වශයෙන් දිනකට සැතපුම් 30 කට වැඩි ප්‍රමාණයක් ගමන් කරන බව සත්ත්ව විද්‍යාඥයන්ගේ මතයයි. ඒ නිසා එම සත්ත්වයා සීමිත බිම්කඩකට කොටුවීම නිසා සිදුවන්නේ මානසික ව්‍යාකූලත්වය නිසා ප්‍රචණ්ඩකාරීව හැසිරීමයි. විශේෂයෙන්ම හම්බන්තොට වැනි වසරේ එක් කාලයකට පමණක් වැසි ඇදහැලෙන ප්‍රදේශවල දිය සොයමින් අලින් බොහෝ දුරක් ගමන් කිරීමද සාමාන්‍ය තත්ත්වයකි. එවැනි අලිමංකඩ සියල්ලම පාහේ හරස් කර ජනාවාස ඉදිකර ඇත. කලක් වන සංරක්ෂණ බලධාරීන්ගේ යෝජනාව වූයේ වනාන්තර ගණනාවක් ඒකාබද්ධකර අලින්ගේ සාම්ප්‍රදායික මාර්ගය සකසා දීමට වූවත් එය හුදෙක් යෝජනාවක් පමණක්ම බවට පත්විය. අලි මිනිස් ගැටුම ගැටුමක් බවට පත්ව ඇත්තේ කාගේ වරදින්ද කියා තාර්කිකව සිතා බැලිය යුතුය. වර්ග කිලෝමීටර හැටපන්දහසක භූමි භාගයේ වනාන්තර ඉතිරිව ඇත්තේ ඉතා අල්ප ප්රමාණයකි. ඒවාද ජනාවාසවීමට ඉඩහැරීම තුල මේ ගැටුම් වර්ධනය වීම මෙන්ම ඉතිරි අලි සම්පතද ක්ෂ්යවී ශූන්‍යවී ගිය දිනක අපේ මිනිස්සුන්ටද ඩයිනෝසිරස් සේ නොදුටු සත්ත්වයෙක් ලෙස අලියා නම්කරන්නට සිදුවනු ඇත. නමුත් ඒ වනවිට ජීවිත මෙන්ම විශාල වටිනා දේපලද අහිමිව තිබෙනු ඇත. දැන් හෝ විධිමත් සැලැස්මක් සහිතව රජය,මහජනතාව,පරිසර සංවිධාන සහ පරිසරවේදීන්, ජාත්‍යන්තරය එක්ව ක්‍රමවේදයක් සකස්කල හොත් ඒ මහා විනාශය මෙතෙකින් නතරකර ගනු හැකිවනු ඇත.