රිෂාඩ්, හිස්බුල්ලා සහ අසාත්ට එරෙහිව පැමිණිලි භාර ගන්න කමිටුවක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහ සිය ධුරයන් ගෙන් ඉවත්වූ ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි භාර ගැනීම සදහා ජේෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කරයි.










