රිෂාඩ් බදුර්දීන්ගේ ඇස් ඉදිරිපිට Google Maps වලින් පෙන්වූ විල්පත්තු විනාශය (Video) දෙරණ 360 වැඩසටහනට සහභාගීවූ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විල්පත්තු වනාන්තර පද්ධතිය තුල ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එවැනි ජනාවාස කිසිවක් එහි ස්ථාපිත කර නොමැති බවය. විවිධ සාධක ඉදිරිපත්කරමින් එය ප්රතික්ෂේපකල ඇමතිවරයාගෙන් නිවේදකයා ඉල්ලා සිටියේ එම ප්‍රදේශයේ සාම්ප්‍රදායික ග්‍රාමයක් පැවතියේ නම් එහි ඡන්දහිමි නාම ලේඛන හෝ නිල ඔප්පුය. නමුත් එම ලේඛන සොයාගැනීමටද ඇමතිවරයාට නොහැකිවිය. ඉන් අනතුරුව Google Maps හරහා නිෂ්පාදන කණ්ඩායම විසින් වසර ගණනාවක් තිස්සේ විල්පත්තුවේ සිදුවන වන විනාශය සහ අනවසර ජනාවාසකරණය පෙන්වා දුන් අතර එය බොරු බව කියන්නට ඇමතිවරයා විවිධ කරුණුද ගෙනහැරපාන ලදි. එම වීඩියෝව පහතින්









