#020320142
"Love will never separate a man from his personal legend."
― The Alchemis, Paulo Coelho
noise dept.
No title available
"I'm Dorothy Gale from Kansas"

No title available

PR's Tumblrdome

tannertan36
Today's Document
Misplaced Lens Cap

No title available
AnasAbdin
trying on a metaphor
Xuebing Du
tumblr dot com
Cosimo Galluzzi

shark vs the universe
No title available

Origami Around
Jules of Nature

#extradirty
Aqua Utopia|海の底で記憶を紡ぐ

seen from Italy

seen from Germany

seen from T1
seen from United States

seen from Netherlands
seen from Brazil
seen from United States

seen from United Kingdom

seen from United States

seen from United States

seen from Malaysia
seen from United States

seen from Italy
seen from United States
seen from United States
seen from United States

seen from United States
seen from United States
seen from United States
seen from United States
@iscrapbk
#020320142
"Love will never separate a man from his personal legend."
― The Alchemis, Paulo Coelho
"A book is a magic portal to another dimension."
FB/WordPorn
වස්සානය
වස්සානය
ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවා ඉන්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වගේම හිනැහේය මා එක්ක කුඹුක් අතු වතුර අත ගගා නැමිලා දියට දිය කෙළින හැටි පුංචි මාළුවන් දුටුවාද පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට හුළන් දා ඔය කිම්ද මල් වරව ඉල් මහට? සෙනේහය පිරී ගිය ඔබෙ නයන නිල් පොකුණු දිය නිලන වැසි සමේ රැළි නගා උතුරාය තඹර පෙති අතර හෙල් මැළි රේනූ වැසි වසින ඔබෙ සිනාවෙන් නිවෙයි හුණුව ගිය ලේ ගිය නහර දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව නිල් කුරුලු බිළිඳු නිදි ඇහැරවන්නේ කුමට රැගෙන දෝතට පෙරා අණුහුමට හිරු එළිය මිහිරි වම් කිරි වගේ පොවන්නෙමි නුඹලාට රමණීය වන ගැබෙහි මොනරුනට පිලි වියන සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න වැසි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළ්වට කුරුල්ලෝ ඉගිල්ලි වරෙන් නුඹ මා ළඟට වැහි වළාකුළු රංචු කඳු මුදුන් වල ලඟින දැන් ඒවි තැනි බිමට සීතලයි මගෙ සිතට වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න ඔබ එන්න ඉතිං මගෙ හෙට දවස මට දෙන්න ‘ගිම්හානයේ ගිලන් වී කෘශව සියුමැලිව ඇදී ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස’ ― රත්න ශ්‍රී විජේසිංහ ‘වස්සානය’ කාව්‍ය සංග්‍රහය.
#20022014
“One of the hardest decisions you'll ever face in life is choosing whether to walk away or try harder.”
― Ziad K. Abdelnour
#21022014
"Find what you love and let it kill you." — Charles Bukowski
[Image]
“වරායේ අතහැර දැමූ දිය කඩක අයිනේ වුවද, දියරැලි නැඟෙයි. අන්ධකාර නිහඬ වනාන්තරයේද කොළයක් පතිත වෙයි. වේයෙක් ඔප දැමූ ලී ජනේලය පිටුපස කා දමයි. කිසිවෙක් නිහඬ නැත. එසේ පෙනෙන්නේ නුණුවණයන්ට පමණි”
Cry, The Beloved Country : Alan Paton [1948] ‘හඬනු පෙම්බර දේශය’ [2000] | පරිවර්තනය- මාලිනී ගෝවින්න
“..ඈ පිළිබඳ මගේ ප්‍රේමයේ අංශුමාත්‍රිය කලලය හදවත තුළ කවදා කොතැනකදී පිළිසිඳ ගත්තා දැයි මම නොදනිමි. ඒ කවදා වුවද කෙදිනක හෝ අය මගේ සිත සොරාගත් දවසකදීය. මම ඇයට ආදරය කළේ ඇයි? මම ආදරය කරන්නෙ ඇගේ මොනවාටද? යුවතියට මෘදු කැරලි හිසකෙස් ඇති බව සැබෑය. මල් පෙතිවන් දෙතොලුත්, තරුවන් ඇසුත් ඇති බව සැබෑය. පිරිපුන් ළමැදකුත්, පුළුල් නිතඹකුත් ඇති බව සැබෑය. තරුණයෙකුගේ නෙත ගැටුණ සැනින් වරක් දෙවරක් නොව සිය දහස් වරක් හොරෙන් රහසින් අගින් කොනින් අස්සෙන් මුල්ලෙන් ඇයව නැවතත්, නැවත නැවතත් දැක ගැනීමේ උවමනාවක් නිරායාසයෙන්ම ඇති කරවන මොළකැටි රූපකායක් ඇයට හිමිය. නමුදු මා ආදරය කළේ ඇගේ මේ සියල්ලටම නොවන බව මම දනිමි. ඇය පිළිබඳව සිතක් පහල වන්නට, ඈ පිළිබඳව ආකර්ෂණයක් හද තුල ජනිත වන්නට යට කී පසිඳුරන්ගේ සෝභාව හේතු පාදක නොවූවා යැයි කුහකයෙකු සේ ආත්ම වංචාකාරයෙකු සේ මම කිසිදාක නො කියමි. නමුදු දැන් ඒ සියල්ල නැතැත් ඇය අබ්බගාතයෙකු වුවත් මම ඇයට ආදරය කරමි. මගේ ජීවිතය සම්බන්ධ සකලවිද සිහිනයන් සොඳුරු පියුම් සේ මේ දහඅට හැවිරිදි සොඳුරු තරුණියගේ මනමාලකම්, කෝලකම් හා මොලකැටිකම් මත පූදිමින් තිබේ. මේ හීන මියැදුනු දවසක මට ජීවත් විය හැකිදැයි, නොහඬා සිටිය හැකිදැයි මම නොදනිමි. කියවා ඇති බොහෝ නවකතා වලදී මෙන් ඇය උදෙසා ඇස් ඉස් මස් ලේ දන් දීමෙන් හෝ එවන් පරිත්‍යාගයක් කිරීමෙන් ඇයව ලබන්නට තරම් දෛවය ඇයට කුරිරු නොවේවායි මම පතමි. දෙවියන්ගෙන් ඉල්ලනවා නම් මා පළමුවෙන්ම ඉල්ලන්නේ ඇයව මට ලබාදෙන ලෙස නොවේ. ඇයව ජීවිතය පුරා සතුටින් තබන ලෙසය. ගුරු ගීතයෙහි අල්තිනායි ගේ සැපත සතුට වෙනුවෙන් දුයිෂෙන් තම හදවතේ උපන් නිකැලැල් ප්‍රේමය සදාකාලිකව දන් දුන්නේය. එවැනි උදාර එනමුත් අප්‍රසිද්ධ පෙම්වතෙකු වීමේ නිරාමිස ආශාවකින් මම පෙළෙමින් උන්නෙමි. ආදරයක් පටන්ගත යුත්තේ එය ලැබුණු පසු ජීවත් වන අයුරු දෙස සිහින දැක ඒ ඔස්සේ නොවේ. නොලැබුණහොත් ඉන් එහා ජීවත්වන ආකාරය දෙස බලා ඊට සුදානම්වය. ..”
‘දුන්හිඳ හැඬුවා’ - සමන් එදිරිමුණි | ‘තරුණයා’ 2008 ජුනි 05 බ්‍රහස්පතින්දා
“සැබැවින් ම, සැම දෙන ම මා ප්‍රෙහෙලිකාවක් ලෙස සලකති. එහෙත් ඒ එක් කෙනෙකු වත්, මා මුළු මනින් විසඳා ගෙන නැත. ගෙදර දී ඔවුහු මා මුරණ්ඩු එකෙකැයි සිතති. – තමා ලෝකයේ අනෙක් අයට වඩා දක්ෂ යැයි සිතන්නා වූ ද, අනෙක් මිනිසුන්ට වඩා වෙනස් යැ යි සිනතන්නා වූ ද, ඉවසිය නෙහෙන කිසිි යම් අතිපණ්ඩිතයෙකැ යි මා ගැන සිතති. මේ ගැන මා, ඔබ ගැන ඇතුළතින් සිනා සුණු බව ඔබ විශ්වාස කරන්නෙහි ද? විටෙක ඔවුහුමට, නිහතමානී එකෙකැ යි – නිහතමාන භාවයටත් ඉවසීමටත් ආදර්ශයකැ යි පවසති. තවත් විටෙක, මම ඇත්ත වශයෙන් ම, ඉතාම ශාන්ත දාන්ත, ඉතා ම නිහතමාන, විනීත පුද්ගලයා වෙමි. තවත් විටෙක දී, මම බුම්මා ගත්, මනස්තාපයෙන් යුතු, අවලස්සන එකෙක් වෙමි. යළිත් තුන් වන විටෙක දී තොරතෝංචියක් නොමැති ව කථා කරන, මහා කරදර කාරයෙක් වෙමි. ඇතැම් මිනිසුන් සමඟ මම දක්ෂ ය. ඇතැම් මිනිසුන් සමඟ මම මෝඩ ය. ඔබ කැමති අන්දමකට මා ගැන සිතා ගන්න. එහෙත් මගේ චරිතය පවා ඔබට අනාවරණය කර දෙන්නේ මගේ තත්‍ය ජීවන කෘති පමණි.”
1927 දෙසැම්බර් මස 20 වන දින ‘නිකොලායි වසිලීච්චි ගොගල් (1809-1852)’ විසින් සිය මවට යවන ලද ලිපියකිනි.
['ප්‍රස්තාවනාව' - අභිරහස් විද්ධ චිත්‍රය හා වෙනත් කථා (ගොගල්) / පරි. කේ.ජි. කරුණාතිලක - 1997]
ISBN – 955 -551 – 101 -2
#21022014
"The most violent element in society is ignorance." — Emma Goldman
fb/ExposingTheTruth
‘අද උදෙත් ඇය දොරටුව පාවුලේ සිනහ මල් පොකුරක් තබා ගියාය’ කොල් බඩ මිතුරු සුළඟට පිටුපා ගං දියේ කසු කුසුව දෙසවනින් පලවා බොල් පිළිම වෙස් බැන්ද තවත් එක දවසක ඉන්ද්‍රජාලික දියසරැල්ලක් වගේ මතුවුනා නුඹ පුංචි කිඳුරිය හඹා යන ජීවිතය කරදරකාරී හිරුට එරෙහිව වියදම් කරන සිනහ මල් කිනිත්තයි නුඹ අලුත් දවසක පෙරමගට පිරිත් පැන් ඉහින වෙන වෙන අරුත් දෙන එකම ගමනක ඇදෙන මා ඔයට බඳු නියත දහමක් අපට නැති හැටි සොඳුර මංසලක් වේ අප අපවම සොයා තනි තනිව යා යුතු …. කවි නිමිත්තක පැටලුනත් නුඹ අද යාන්ත්‍රික කය රැගෙන යාත්‍රා කළ යුතුය තවත් තැනකට හෙට මම රැහැන් පැටලුම් හැර තිබුණාවෙ එතන එහෙමම ‘අර මල් පොකුර’ සුසුම් පදයක රුඳුන තෙපුල් දෙන සැමරුමක් විලසින 'තිබුණාවෙ, ඒ මල් පොකුර' - ‘විල්තෙර’ | ලංකා 2009 අගොස්තු 09 ඉරිදා BY- ඩි.එම්. ටිම්රාන් කීර්ති
අද උදෙන් ඇය දොරටුව පාවුලේ, සිනහ මල් කළඹක් තබා ගියාය උපන් පොළොවේ රුවගුණ මතුවීම නපුරකි හදවත මාඔයේ ඉවුරත සඟවා සෙල් පිළිමයක් වෙමි… දොරටුව අවහිර කරන්නට කිසිවෙකුට ඉඩ නොතබමි … මා ඔයට පිටුපා නිල්දියේ කසුකුසුව දෙසවනින් පළවා ‘සෙල් පිළිම වෙස් බැන්ද’ දවසක ඉන්ද්‍රජාලික දියසරැල්ලක් වගේ ඒ පුංචි කිඳුරිය මතුවිය හඹා යන ජීවිතය කරදරකාරී හිරුට එරෙහිව වියදම් කරන සිනහ මල් කිනිත්තයි ඇය අලුත් දවසක පෙරමගට පිරිත් පැන් ඉහින … වෙන වෙන අරුත් දෙන එකම ගමනක ඇදෙන මා ඔයට බඳු නියත දහමක් අපට නම් නෑ සොඳුර මංසලක් වේ හැරී යා යුතු වෙන වෙනම… දොරටුව වසා ඇති තෙක් මා ඔය ඉසව්වේ අප මැවූ ලෝකයක් ඇත … කියන්නට කතාවක් ඇත … කිසිදිනෙක නොකියවුණ … දොරටුව අවහිර වෙලා මටත් නොදැනීම කමක් නෑ තිබුණාවෙ ඒ මල් පොකුර 'තිබුණාවෙ ඒ මල් පොකුර ..' -‘මකරන්ද’ | රාවය 2009 මාර්තු 15 ඉරිදා
BY- ඩි.එම්. ටිම්රාන් කීර්ති
“මෙය හුදෙක්ම අසම්පූර්ණ සටහනකි. මන්ද සියල්ලම ක්‍රමය තුල අසම්පූර්ණව පවතින බැවිනි. ඒකායන අරමුණකින් මේ සටහන කූටප්රාප්ති කරන්නටද මට අවැසි නැත. අප කල් ඉකුත් වූ මිනිසුන් බැවිනි. කල් ඉකුත් වූ බිස්කට්, සාඩින්, නූඩ්ලස්, රූපවාහිනී වැඩසටහන්, මතවාද අතර කල් ඉකුත් වූ යනු කාලය අවසන් වූ හෝ කාලයට ඉදිරියෙන් සිටින යනුවෙන් අවැසි පරිදි අරුත් ගන්වාගත හැකිය.”
“කෙසේ වුවත් තව දුරටත් ක්‍රමය සමඟ ස්වීකරණය වන්නට බැරි වී ඇතිවුන් කල් ඉකුත්වූවෝ මිස අන් කවරහුද? ඒකාකාරී ශ්‍රමික දිවියක අවසන නිවසට පැමිණ මෙගාවක් සමඟ රෑ බත නිමවා රමණයෙන් පසු මරණයට පත්වූ ලෙස නිද්‍රෝපගත වීමේ ජීව චක්රයටම අනුගතව දවසරින සූවාසූ දහසකට එක්වීමේ අමාරුව නිසා කල් ඉකුත් වූවෝ වෙමු. බොහෝමයක් නැත ටික දෙනෙකි. කලකට පෙරදී මෙන් තලුමරන්නට න්‍යායික චුයිංගමයකුත්, මනඃකල්පිත සිහිනයකුත් නැත.”
“ක්රමයේ වහළ යට වහලකු වීමටද නොහැකිය. එහෙත් මේ කූට වාණිජ මහා නගරයේ ගරිල්ලා මාර්කැට්ටුවේ විකිණී ගියෝ තුංග හදවත්ය. තුඟු විසල් (යැයි පෙනුණු) මිනිසුන්ය. අප වැනි සංකේත වටිනාකම් රහිත අල්ප ප්‍රාණීහු නොවෙති. වෙහෙර ගිලී ගිය පසු අග්ගලා නම් කවරේද? මේ තතු යටතේ සාමුහික දිවිනසා ගැනීමකට හෝ ගරිල්ලා මාර්කට් එකට ගොස් වැඩිම මිලකට හදවත විකුණා දැමීමට මේ ලියුම්කරැ යෝජනා කර සිටියි.”
ප.ලි: “පළමුවැනි යෝජනාව ටිකක් බය හිතෙන එකකි. දෙවැනි එක ටිකක් කැත හිතෙන්නකි. (ඒක නම් එච්චර අවුලක් නෑ වගේ) මේ අමාරුම කරකවා අතහැරි මොහොත පහුවෙන තුරු නිශ්ක්‍රියව සිට අළු යට ඉස්ක්‍රාවක් වෙන්න බැරිද? නමුත් මැද මාවත කියා ජාතියක් නැති බවක්ද කියා ඇත.”
18 පිටුව | රාවය 2009 ඔක්තොබර් 18 BY- සඳුන් ප්‍රියංකර විතානගේ
#10022014
“The heart is stubborn. It holds onto love despite what sense and emotion tells it. And it is often, in the battle of those three, the most brilliant of all.”
― Alessandra Torre