ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය නම් කරයි
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය විසින් සිය ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා අයෙක් නම් කර තිබෙනවා. එරාවුර් නගර සභාවේ හිටපු සභාපති එම්.එස්. නලීම්, එහි ජාතික ලැයිස්තු මන්ත්රීවරයා වශයෙන් නම්කර තිබේ. පසුගිය මහ මැතිවරණයේදී ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයට දිනා ගැනීමට හැකි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්රී ආසනයක් පමණයි.












