Mahapurusha Lakshana (මහපුරිස් ලකුණු) (මහාපුරිස ලක්ඛණ) (මහාපුරුෂ ලක්ෂණ) (සිංහල පරිවර්තන)
යටිපතුල්හි දහසක් දැවි ඇති, නිම්වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් පිරිපුන්, මොනොවට බෙදුණු අතර ඇති, සක් ලකුණෝ පහළ වූවාහු වෙයි
මොළොක්වූතුරුණුඅතුල්පතුල් ඇත්තේ වෙයි
දැල්කවුළුවකටබඳුඅත්පා ඇත්තේ වෙයි
මත්තෙහිගොප්ඇටයපිහිටිපා ඇත්තේ වෙයි
ඕළුමුවන්ගේබඳුකෙණ්ඩා ඇත්තේ වෙයි
සිටියේම නොනැමෙනුයේ දෙඅත්ලෙන් දෙදන පහස කෙරෙයි පිරිමදියි
කොපුයෙහිගිලුණුවතලිඟුව ඇත්තේ වෙයි
රන්බඳුපැහැ ඇත්තේ, කසුන්පැහැසිවිය ඇත්තේ වෙයි
සියුම් සිවිය ඇත්තේ වෙයි, සිවිය සියුම් බැවින් කයෙහි රදස්දැලි නොලැගෙයි
එකෙකීලොම් ඇත්තේ වෙයි, ලොම්කූපයන්හි තනි තනිමව ලොම් හටගත්තේ වෙයි
උඩුකුරු අක් ඇති ලොම් ඇත්තේ වෙයි, උඩුකුරු වූ අක් ඇති, නිල් පැහැ අඳුන්වන්, කොඩොල් බඳු වක් වූ, දකුණට කරකැවුණු ලොමු හටගත්තාහු වෙයි
බඹුගේබඳුඉදුසිරුර ඇත්තේ වෙයි
කය දෙඅත් පිටු ඈ උස් ව මතු වූ සත්තැනක් ඇත්තේ වෙයි
සීරදකුගේපෙරඩකයබඳුපිරුණුකය ඇත්තේ වෙයි
පිරුණු පිටතුරු ඇත්තේ වෙයි
නුගරුකක් බඳු පිරිමඬුලු කය ඇත්තේ වෙයි, කය යම් පමණ ද බඹය ද එ පමණ ඇත්තේ වෙයි, බඹය යම් පමණ ද කයත් එ පමණ ඇත්තේ වෙයි
සත් සියක් රසනහර තුඩු දුන් ගෙල ඇත්තේ වෙයි
සීරදකුගේබඳුහනු ඇත්තේ වෙයි
අතරවිවරනැතිසේපිහිටිදත් ඇත්තේ වෙයි
බඹුගේබඳුකටහඬ ඇත්තේ, කුරවිකෙවිල්ලන්ගේබඳුමිහිරිනද ඇත්තේ වෙයි
රත්පැහැළමාවස්සකුගේබඳුඇස්මඬල ඇත්තේ වෙයි
සුදු මොළොක් පුලුන් රොදක් බඳු උණුලොමක් දෙබැම අතර හටගත්තේ වෙයි
මහණෙනි, මහපුරිස් තෙමේ ඉසකඩ හිස වෙයි යන යමෙක් ඇද්ද මෙය ද මහණෙනි, මහපුරිසුගේ මහපුරිස් ලකුණක් වෙයි."
මහාපුරුෂ ලක්ෂණ (පාලි: මහාපුරිස ලක්ඛණ, සිංහල: මහපුරිස් ලකුණු) යනු බුදුන් වහන්සේ (සංස්කෘත: සිද්ධාර්ථ ගෞතම, පාලි: සිද්ධත්ථ ගෝතම, සිංහල: සිදුහත් ගොයුම්) යන රූපක ලක්ෂණ තිස් දෙකකි ථේරවාද බුදු දහමේ (බුද්ධාගමේ පැරණිතම නිකාය) මෙහි සපයා ඇති ලැයිස්තුව පදනම් වී ඇත්තේ, පොදුවේ තිපිටක (සංස්කෘත: ත්රිපිටක) ලෙස හැඳින්වෙන, පාලි කැනනයේ දීඝ නිකායේ ලක්ඛණ සුත්ත මතය.
සිදුහත් ගොයුම් (සිද්ධාර්ථ ගෞතම) ට පෙර බුදුවරු විසිහත් දෙනෙක් සිටියහ: ඔවුන්ගේ නම් සිංහලෙන් නම් තණකුරු, මෙදකුරු, සරණකුරු, දිවකුරු, කොඬණ, මඟුල්, සුමන්, රෙවත්, සොබිත්, අනොම්දෙස, පියුම්, නරුදු, පියුමුතුරු, සුමෙදු, සුජත්, පියදෙස, අතදෙස, දම්දෙස, සිදුහත්, තිසු, පුසු, විවෙස, සිකි, වෙසබුහු, කකුසඳු, කොණගම් සහ කසුප්.