හමුදා නිළධාරියෙක්ගේ කකුල් අල්ලලා වැඳලා කිව්වා මහත්තයාව මරන්න එපා කියලා – ආනන්දි සසිදරන් ආනන්දි සසිදරන්, ආන්දෝලනාත්මක කාන්තා දේශපාලනඥවරියකි. දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරියක ලෙසට වඩා, තමා විසින්ම ආරක්ෂක අංශයට බාර දුන් සැමියාව ඝාතනයට වීම ලොවට හෙළි කරමින් යුක්තිය සාධාරණය වෙනුවෙන් වෙනුවෙන් මහා හඬක් නැගූ දිරිය කාන්තාවක, දරුවන් දෙදෙනකුගේ මවක් ලෙස ඇයව හඳුනා ගැනිම සාධාරණය. මේ ඇය සමඟ කළ කතා බහකි ඔබේ සම්පූර්ණ නම? ආනන්දි සසිදරන් ඔබේ ගම? කණ්කසන්තුරෙයි ඉගෙන ගත්තේ ? කණ්කසන්තුෙරෙයි නඬේෂ්වරන් විද්‍යාලය, උසස් අධ්‍යපනය සුලිපුරම් වික්ටෝරියා විද්‍යාලය කොකුවිල් ටෙක්නිකල් කොලේජ් එකේ ගණකාධිකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව රැකියාවක් කළාද ? කළමනාකරණ සහායිකාවක් ලෙස රැකියාවක් කළා ඔබට එලිලන්ව මුණ ගැසුණේ කොහොමද? කොකුවිල් ටෙක් යන කාලේ. 1993 දී මට එලිලන්ව හමුවන්නේ කිළිනොච්චි වලදි. එතකොට එයා එල්ටීටී සංවිධානයේ. එයාගෙ දේශනයකට සහභාගිවෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ දේශනය පැවැත්වුනේ අදටත් මෙහේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන දෑවැද්ද සම්බන්ධයෙන්. එල්ටීටීඊ එක දරපු මතයක් තමයි මේ දෑවැදි ඉල්ලන එකට විරුද්ධ වෙන එක. එයා ඒ දේශනය හරි අපූරුවට කළා. දැඩි පෞර්ෂයකින් යුත අයෙක්. සෘජුව අදහස් දැක්වූවා. ඒ කතාවට ඔන කෙනෙක් ඇදිලා යනවා. එයා නිතරම පිරිමියාගෙන් ස්ත්‍රියට වෙන අසාධාරණයට එරෙහිව කතා කළා. ඒ වෙලාවේදි තමයි මට එයා ගැන හැඟීමක් ඇති වුනේ. ඒක ආදරයක්ද ? ඔව් ඒත් ඒක, ඒක පාර්ෂවීය ආදරයක්. මම දැනගෙන හිටියේ නැහැ එයාගේ නමවත්. පස්සේ මම මගේ යාළුවෙක් හරහා එයාගේ නම හොයා ගත්තා. මං අවුරුදු කිහිපයකම එයාට ආදර කළා ඒත් ඒක එයාවත් දනගෙන හිටියේ නෑ. මම පළවෙනි දවසෙම තිරණය කලා කවදාහරි දවසක බඳිනවනම් බඳින්නේ එලිලන්ව විතරයි කියලා. මට යෝජනා ගොඩාක් ගෙදරින් ආවා ඒ එකකක්ටවත් කැමැති උණේ නෑ. මම දැඩි තිරණයේම හිටියා. මම ගෙදරට යාළුවෙක් හරහා එලිලන් ගැන කිව්වා. ඇත්තටම මේ ප්‍රශ්න එද්දීත් අපි දෙන්නාගේ සම්බන්ධයක් පටන් අරන් නැහැ. මම විතරයි එයාට ආදරය කලේ. නමුත් මම බඳින්න බලාගෙන හිටියේ එලිලන්ව විතරයි. එලිලන්ගේ ආදරය දිනා ගත්තෙ කොහොමද ? මම එයාව හොයාගෙන ගියා දවතාවක් විතර ගියා. දවසක් එයාල හිටපු කඳවුරකට ගියා. එල්ටීටීයෙන් මාව අත් අඩංගුවටත් ගත්තා. මගෙ අදහස මං එළිලන්ට කිව්වා. ඒත් කැමැත්ත ලැබුණේ නෑ. තව කිහිප වතාවක් මුණ ගැසුනාම එයා කිව්වා එයා එල්ටීටීඊ කොයි වෙලාවේ හරි හමුදාවෙන් වෙඩි තියලා දායි. කියලා. මටත් ප්‍රශ්නවලට මුහුණ දෙන වෙයි කියල කිව්වා. ඒත් පස්සේ 1996 ජුනි වලදී එයාගේ කැමැත්ත ලැබුණා.ඒ කාලේ එයාටත් ගෙදරින් යෝජනා ඇවිත් තිබුණා. ඒත් ඒයා එවට කැමැති වෙල තිබුණේ නෑ මට කැමැත්ත නොදුන්නට එයා මට ආදරය කරලා. එයා යාළුවෙකුට කියලා තිබුණා එයා බඳිනව නම් බඳින්නේ සසීව විතරයි කියලා. යාළුවා හරහා තමයි මට පණිවිඬේ එව්වේ. කැරළිකරුවකු කසාද බඳිනවට ගෙදරින් කැමැති උනාද ? එලිලන් එල්ටීටීඊ නිසා මේකට අපේ ගෙදරින් පොඞ්ඩක්වත් කැමැති උණේ. අපේ පවුලේ රජයේ සේවකයන් හිටියා. යම් වත් පොහොසත් කමක් තිබුණා. ඊළඟ කුල ප්‍රශ්නයත් ආවා. එයාල මේක අතහැරලා දාන්නම කිව්වා. මම ගෙදරින් කැමැත්ත ගත්තේ එලිලන්ව බඳින්න දුන්නේ නැත්නම් වහ බොනවා කියලා. එයා එල්ටීටීඊ නිසා මේ විවාහයට සංවිධානයේ අවසරය ගන්න සිදු වුණා.තමිල් චෙල්වම්ගේ අනුමැතිය 1997 ලැබුණා අපේ විවාහය 1988 දී සිදු වුණා. අපේ වෙඩින් එකේ දිනය තීරණය කළෙත් තමිල් සෙල්වම්. සාක්කියට එක පැතත්කට එයා අත්සන් කලා. ඔබට දරුවන් කී දෙනෙක් ඉන්නවද? දුවලම දෙන්නෙක් . මගේ දරුවෝ දැන් ලොකුයි. එයාලා අහනවා කෝ තාත්තා, තාත්තට මොකද වුනේ කියලා. මම මොකක්ද එයාලට දෙන උත්තරේ. ඇයි එළිලන්ව හමුදාට බාර දුන්නේ ? මට ඉන්නේ ගැහුණු ළමුන් දෙදෙනෙක්. යුද්ධය නිසා මම ගොඩාක් පීඩා වින්දා. හමුදාවෙන් යටත් වෙන්න කිව්වාට පස්සේ මම මගේ මහත්තයාව හමුදාවට බාර දුන්නා. ඒ ඔහුගේ ජීවිතය බේර ගන්න ඔනේ නිසා. ඒත් ඔහුව මරා දැම්මා. කව්මුණි ( ඉන්දියාවේ හිටපු මහ ඇමැති කරුණා නිදිගේ දුව) තමයි කිව්වෙ බාර වෙන්න කියලා. ඒයා ඒ කතාව දැන් ප්‍රතික්ෂේප කළත් ඒක තමයි ඇත්ත. කව්මුණී කියපු හින්දයි එලිලන්ව බාර දුන්නේ කියන එක මම කිව්වෙ අද ඊයේ නෙවේ. දැන් ඒක ප්‍රතික්ෂේප කරන්නේ තමිල්නාඩුවේ දෙශපාලන තත්වය නිසයි. ඔහුව හමුදා අත් අඞ්ංගුවේදී මරල දැම්ම කියල ඔබට විශ්වාසද ? ඔව් එයාව බාරදුන්නේ මැයි 18 වෙනිදා. හමුදාව එයාව අරගෙන ගිය හැටි දැක්කාම මට හිතුනා එයාව මරලා දායි කියලා. එලිලන් අන්තිම මොහොතෙත් කිව්වා දරුවෝ දෙන්නත් එක්ක යන්න එයාට ප්‍රශ්නයක් වෙන එකක නෑ කියලා. ඒත් මට සැක හිතුනා මං කවදාවත් කාගෙවත් ළඟ දනින් වැටිලා අඬලා නෑ. ඒත් ඒදා හමුදාවේ නිලධාරියෙකුගේ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා ඒයාව මරන්න එපා කියලා. දුවල දෙන්නව යාලූවෙක් ගාව තියලා මන් එලිලන් ගැන සෙවිල්ලෙන් හිටියා එයා දිහා බලාන් හිටියා. ඒත් පොඩි දූට අසනීපයක් වෙලා ඔපරෙෂන් එකක කරන්න ඉන්දියාවට යන්න සිදු වුණා ඒ ගිහින් එද්දි එලිලන්ව මරලා. ඒකට සාක්ෂි මංගාව තියෙනවා. ඔබ කොහොමද මෙක දරා ගත්තේ ? මිනිහෙක් නැති ගැහැණියක් විදිහට මේ දරුවෝ දෙන්නත් එක්ක මට ජීවත් වෙන්න පුළුවන් ඒ ශක්තිය මට තියෙනවා. එළිලන් ව මීනීමරුවෙක් විදිහට මරල දැම්මනම් ඒකත් දරා ගන්න පුළුවන් . ඒ මැරුවෙ මිනී මරුවෙක් නේ කියලා. ඒත් එළිලන් කියන්නේ මින්නී මරුවෙක් නෙවෙයි. එයා දැක්මක් තිබිච්ච මනුස්සයෙක්. එල්ටීටීඊය අහිංසක මිනිස්සු මරනවට ඒයා ගොඩක් විරුදව හිටියා. ඒකයි දරා ගන්න බැරි. දැන් ඔබ පළාත් සභා මන්ත්‍රීවරියක් විශාල මනාප සංඛ්‍යාවකින් ඔබ ජයග්‍රහණය කළා. මහජන නියෝජිතයෙන් විදිහට ඔබගේ කාර්ය භාරය ගැන කතා කළොත්..? පළාත් සභාව තුලනම් මම පිරිමි ගොඩක් මැද ඉන්න කාන්තාවක්. හරියට ගෘහස්ත හිංසනයට ලක්වෙච්ච කාන්තාවක් වගේ. එතන් ලොකු පීඩනයක් තියෙනවා මට වැඩ කරන්න. ගැහැණියක වීමේ ප්රශ්නය තියෙනවා. දේශපාලන වශයෙන් මං මතුවෙන එක සමහරුන්ට ලොකු ප්‍රශනයක්. වැඩ කරන සිදුවෙලා තියෙන්නේ ඒ පීඩනයත් එක්ක. පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක හමුදාවෙන් මට සැහෙන වද හිංසා කළා. මේ ප්රශන්වලදී අපේ පක්ෂයේ ප්‍රධානින් පවා මාව මඟ හැරියා. උතුරු පළාත් සභාවේ දැනට ක්‍රියාකාරීත්වය ගැන ඔබ තෘප්තිමත් ද ? ඒ ගැනනම් කතා කරන්නත් දුකයි. උතුරු පළාත් සභාවේ දෙවැනියට වැඩිම මනාප හිමිකරගන්න ලැබුණේ මට. මට තියෙන්නේ කාන්තා ළමා ප්‍රශ්න ගැන කතා කරන්න. මම ඔවුන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් හුඟාක් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් තවමත් කිසි දෙයක් කරන්න ලැබිලා ඉඩ ප්‍රස්ථාව ලැබිලා නැහැ. මම යෝජනාවක් ඉදිරිපත් කලා පසුගිය යුධ සමයේදී අතුරුදහන් වූ පිරිස්වලට මොකද වුනේ කියලා යොයලා බලන්න කියලා . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මම ලිව්වා. මේ සම්බන්ධයෙන් පරීක්ෂනයක් සිදුකොට වාර්තාවක් සකස් කළ යුතු යැයි කියා. දැන් ඔහු බලයෙත් නැහැ. ඒ සම්බන්ධයෙන් කිසිවක් සිදු කෙරුණෙත් නැහැ. ඒතියා මට තවමත් මන්ත්‍රී කෙනෙක් විදිහට වහනයක් නැහැ. මගේ මෝටර් සයිකලයෙන් තමයි යන්නේ එන්නේ. හමුදාවෙන් අත්පත්කරගත් ඉඩම් නැවත පවරාදීමේ දැනට ප්‍රගතිය කොයි වගේද ? මේ සම්බන්ධවත් මම උතුරු පළාත් සභාවේ රැස්වීම් වලදි සාකච්ඡුා කරලා තියෙනවා. නැවත පදිංචි කිරීම් නිසියාකාරව සිදුවිය යුතුයි මිනිසුන්ගේ ඉඩම් ඒ අයට ලබා දිය යුතුයි කියලත් මම කතා කරලා තියෙනවා. ඒවා සාකච්ඡාවලට පමණක් සීමා වෙලා. අවුරුදු 19කින් 20කින් තමන්ගේ ඉඩම් වල පදිංචි වෙන්න බැරිවුණ පිරිස් ඉන්නවා. ගොඩාක් තරුණ ගැහැණු උදවියට විවාහ වෙන්න බැරිව ඉන්නවා මේ ප්‍රශ්න නිසා. අනෙක් ප්‍රශ්නේ තමයි ධීවර කර්මාන්තය හොඳින්ම කරන්න පුලූවන් මුහුදු සීමා ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන තියෙනවා. මේ මිනිස්සු දවසේ කුලියට වැඩ කරනවා. මේ මිනිස්සුන්ට ජීවිකාව ගොනියන්න ඉතාමත් අපහසු තත්වයක් තියෙන්නේ. ඉතින් ප්රශ්නය තමයි තවමත් සාකච්ඡුාවලට පමණක් සීමා වෙලා. තවමත් එළිමහන් කඳවුරුවල මිනිස්සු ජීවත් වෙනවා. 150 ක මිනිස්සුන්ට වැසිකිලි දෙකක් පමණයි තියෙන්නේ. වහින කාලෙට කූඩාරම් යට වෙලා මිනිස්සුන්ගේ දණහිසටත් වැඩියෙන් වතුර පිරෙනවා. ඇයි බැරි මේ මිනිස්සුන්ගේ ඉඩම් ඒ අයට ලබා දීලා නැවත පදිංචි කිරීමේ කටයුතු කරන්න. මං මේ හැමදෙයක්ම යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා නමුත් ප්රශ්නය තමයි තවමත් සාකච්ඡාවලට පමණක් සීමා වෙලා. යුද්ධය අවසානයේ අවතැන් වූවන් හැටියට පැමිණෙන පිරිස අතරෙ ළමා ගැබිනියන් සහ ළමා මව්වරුන් විශාල වශයෙන් හිටියා, ඇයි එහෙම උනේ ? ඔවුන්ගෙ සුබසාධනය වෙනුවෙන් දැනට මොනවද කෙරෙමින් තියෙන්නෙ ? එහෙම පිරිස් හිටියා. ඒ අයව පරිවාස ළමා නිවාස සඳහා යොමු කළා. සෞඛ්‍ය අමාත්‍යවරාගෙන් සහ එම අමාත්‍යංශයෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. මට ඒ සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැහැ. යුද්ධයෙන් වසර 6ක් ගතවෙනකොටත් මානව හිමිකම් කඩකිරීම් වලට එරෙහිව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ඔබේ තක්සේරුව කොහොමද ? මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තේ කිසිඳු ප්රතිලබයක් මේ වනවිට ගෙන නැහැ. ආණ්ඩුව වෙනස් වුණාට පසුව සිංහල සමාජයට මොනවගේ ප්රතිලාභ ලැබුණද කියන්න මම දන්නේ නැහැ. නමුත් දමිළ සමාජයටනම් කිසිම වෙනසක් මේ වනතෙක් සිදුවෙලා නැහැ. යුද්ධය නිම වෙලා අවුරුදු 6ක් ගතවෙලාත් තවමත් මානවහිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කිසිදු විසඳුමක් නැති නිසා මේ ප්රශ්නය අපිට ඹභ දක්වා ගෙනියන්න වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ බලයෙ ඉන්න කාලේ දමිළ සමාජය මොනවා හරි දෙයක් කතා කලොත් ලේබල් ගැහැවා ආ එයා එල්.ටී.ටී.ඊ කියලා. සිංහල අය දමිළ අය වෙනුවෙන් කතා කලොත් ඒ අයට කියනවා එල්.ටී.ටී.ඊ හිතවාදීන් කියලා. දැන් මම මේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටියා. මටත් කිව්වා ආනන්දි එල්.ටී.ටී.ඊ කියලා. තවමත්”මහින්ද පිස්සුව” යුද්ධය ඉවරවෙලාත් කොටි එනවා කියලා කියවනවා. ඇත්තටම නැවත එල්ටීටීඊ යක් ගොඩ නැගෙන්නේ නැහැ. හැබැයි මේ කොටි එනවා කියලා කියන්නේ බලය අහිමි වෙයි කියන බය නිසා. මහින්ද රාජපක්ෂ පසුගිය ඡන්ද සමයෙදි නැවතත් එල්ටීටීය එනවා කියලා දකුණේ සිංහල ඡන්ද ලබා ගැනීමේ ක්‍රියාවක නිරත වුණා. ඒ සඳහා ඔබේ ඇතැම් ප්‍රකාශ ඒ සඳහා යොදා ගත්තා. යුධ සමයෙදි සියදහස් ගණනින් මිනිස්සු මැරුවා. ඒ මරපු අයට හෘද සාක්ෂිය වද දෙනවා මම මිනිස්සු මැරුවා කියලා. ඒ වගේ තමයි මහින්දත්. එයා බය වෙලා කෑ ගහනවා ඔන්න කොටි එනවා කොටි එනවා කියලා. සාමාන්‍ය අහිංසක මිනිස්සුත් මරපු නිසා එයා මානසිකව වද විඳිනවා ඇති. ඒයාට හීනෙනුත් පේනවා ඇති එල්ටීටීය එනවා කියලා. මේක මහින්දට විතරක් තියෙන අසනීපයක් විතරක් නෙමෙයි. සිරිමාවෝ ජේවීපි එක මර්ධනය කළා. ජේ ආර් පේ‍්‍රමදාස මිනිස්සු මැරුවා චන්්රද්රිකාත් මැරුවා. මහින්ද ඇවිල්ලා ඔක්කොම විනාශ කලා. 83 කාලයේදී දෙමළ මිනිස්සු එක පොදියට මරලා පුච්චනවා මම දැක්කා. ඉන්දියන් හමුදාව ඇවිල්ලා ගැහැණු ළමයින් දූෂනය කරලා මරපු හැටි මම දැක්කා. නමුත් ඔබ මහින්ද රාජපක්ෂට සහයෝගය දැක්වුවා කියලා චෝදනාවක් තියෙනවා? මට ඉන්නේ ගැහුණු ළමුන් දෙදෙනෙක්. යුද්ධය නිසා මම ගොඩාක් පීඩා වින්දා. හමුදාවෙන් යටත් වෙන්න කිව්වාට පස්සේ මම මගේ මහත්තයාව හමුදාවට බාර දුන්නා. ඒ ඔහුගේ ජීවිතය බේර ගන්න ඔනේ නිසා. ඒත් ඔහුව මරා දැම්මා. ඔයාලා හිතනවද මට එහෙම කරපු කෙනෙකුට මම උදව් කරයි කියලා. ඔබ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වනවද? හැමෝම එන්නේ දෙමළ ජනතාවට උදව් කරනවා කියාගෙන තමයි. නමුත් පස්සේ වෙනස වෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැනටනම් හොඳයි. නමුත් ඊලඟ මහ මැතිවරණයෙන් පස්සේ තමයි මේ අය දෙමළ ජනතාවට උදව් කරනවාද නැද්ද කියන එක හරියටම දැනගන්න වෙන්නේ. මම මගෙ ස්වාමිපුරුෂයාව භාර දුන්නේ මෛත්‍රීපාල වැඩ බලන ආරක්ෂක ඇමැති ලෙස සිටියදී. ඉතින් කොහොමද මම මෛත්‍රීපාල විශ්වාස කරන්නේ. මැතකදී ඉතාම කණගාටුදායක සිද්ධින් කිහිපයක් එක ළඟම වාර්තා වුණා පාසල් දැරියන් දෙදෙනෙක් අපහරණය කිරීම් සම්බන්ධව. විත්‍යා දැරිය සමූහව අපහරණයකට ලක් කරලා ඝාතනය කරලා තිබුණා. මීට ආසන්න හේතු ඔබ දකින්නේ මොනවාද ? යුද්ධයක් අවසානයේදි ගංජා අනෙක්ත් මත් ද්‍රව්‍ය සියල්ලම වැඩිවෙනවා. කාලයක් මම කිලිනොච්චි හිටියා. ඒ කාලයේ යුධ හමුදාව ලොකු ක්‍රීඩා උළෙලක් කළා. ඒ අවස්ථාවෙදි ජයග්‍රහනය කරන පිරිසට බියර් ටින් එක ගානේ ලබා දෙනවා. අනෙකුත් කාරණය තමයි පාසල් පන්සල් ආගමික ස්ථාන අසලම බාර් පවත්වාගෙන යන්න අවසර ලබා දී තියෙනවා. අනෙක් කාරණය තමයි විද්‍ය සම්බන්ධයෙන් කතා කරද්දි කිව යුතුම දෙයක් තමයි යුධ සමයෙදි ගැහැණු උදවිය අපහරණයට පත්වුණා. දැන් යුධමය වාතාවරණයක් නැතුවත් අපහරණයට පත් වෙනවා. මේ වගේ ක්‍රියාවලට නිසි දඩුවම් ලබා දීමක්, නැතිනම් නිසි පරීක්ෂනයක් සිදුවන්නේ නැහැ. ඉතින් මේ පුද්ගලයින් සිතනවා පවතින නීතිමය තත්වයේ දුර්වල කම් නිසා මොන වැරැද්ද කළත් නිදොස් වෙලා එළියට එන්න පුළුවන් කියලා. එල් ටී ටී ඊ සංවිධානය සිටියදී උතුරේ තරුණියන් ආරක්ෂා සහිතව හිටියා ය කියලා විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ප්‍රකාශයක් කරලා තිබුණා, ඒක විස්තරාත්මකව දක්වන්න හැකිද ? එල්.ටී.ටී.ඊ පාලනය සහිත කලෙයේදි මම වන්නි දිස්ත්‍රික්කයේ සේවය කලා. ඒ කාලයෙත් මේ විදිහ ප්‍රශ්න ආවා. ගැහැණුන් අපහරණයට පත්වුණා. නමුත් පැය විසිහතරක කාලයක් ඇතුලත ඒ සිද්ධියට ආදාල සම්බන්ධ අයවළුන්ට නිසි දඬුවම් ලබා දුන්නා. ඒ නිසා ඒවා පාලනය වුණා. උදාහරණයක් විදිහට මම මගේ ජීවිත අද්දැකීමක් ගත්තොත් මගේ පලවෙනි දුවට කුඩා අවදියේදි හතිය රෝගය තිබුණා . ? 12 විතර ඇය ලෙඩ වුණා. ඒකාලෙත් කිළිනොච්චියේ පාවිච්චි කලේ කලේ මෝටර් බයිසිකල්. මම දුවවත් අරගෙන රෝහලට ගියා. නමුත් කිසි ප්‍රශ්නයක් වුනේ නැහැ. දැන් මගේ වයස අවුරුදු 45ක්. නමුත් අද වෙනකොට බයිසිකලයක යන්න බැහැ. විවිධ විදිහේ ඇනුම් පද කියනවා. අවුරුදු 45 වුණු අපටත් පාරේ බැහැලා යන්න බැරිනම් කුඩා දැරියන් තරුණ දැරියන් ගැන මොන කතාද? ඒ කාලේ හොඳ නීති පද්දතියක් තිබුණා. මත්ද්‍රව්‍ය හා අනෙකුත් සියලූම ප්‍රශ්න සම්බන්ධයෙන් ස්ථාවර දඩුවම් තිබුණා. ඒ කාලයේ එල්ටීටීඊ එකේ කවුරු හෝ එවැනි අපරාධයක් කළාවනම් ඔවුන්ට එම දඬුවම් එලෙසම ලබා දුන්නා. ඒ කියන්නේ මේ වගේ අපරාද වලට දඬුවම් ඉතා ඉක්මනින් පරීක්ෂන කරලා දඬුවම් ලබා දෙනවනම් මෙවැනි ප්‍රශ්න සිදුවන්නේ නැහැ? ඇත්තටම ඔව්. යුද්ධයෙන් මියගිය උදවිය සඳහා මරණ සහතික නිකුත් කෙරිලා තියෙනවාද ? ඒක ලොකු ප්‍රශ්නයක් බොහෝ තැන් වල ෂෙල් වෙඩි එල්ල වුණා. ඒ වගේ අවස්ථාවලදි ඒ ඒ තැන් වල කොපමණ පිරිසක් සිටියද කියන්න සාක්ෂි නැහැ. සමහරක් පවුල්වල එක්කෙනෙක් දෙන්නෙක් ඉතුරු වුණා. ඇතැම් පවුල් පිටින්ම වෙඩි ප්‍රහාරවලට ලක් වෙලා මිය ගියා. ඒ වගේ අවස්ථාවලදි ඒ අයව ඒ ඒ තැන් වලට සමූහ වශයෙන් වල දැමුවා. මෙහේ මරණ සහතිකු ඉදිරිපිට මම නිකුත් කිරීම සිදුවන්නේ මරණ පරීක්ෂකයෙකු ඉදිරිපිට අහවල් පුද්ගලයා මගේ ඇස් ඉදිරිපිට මිය ගියා කියලා කියනවා. පසුව අධිකරණයේ විනිසුරු ඉදිරියේත් එලෙසින්ම ප්‍රකාශ කරලා මරණ සහතිකය ලියා ගන්නවා සමහරක් වෙලාවට දවස් දෙක තුන මුදල් වියදම් කරගෙන ඇවිත් රස්තියාදු වෙන්න සිදු වෙනවා. ඒ නිසාම දැන් කිසිකෙනෙක් මරණ සහතිය ලබා ගන්න වෙහෙසෙන්නේ නැහැ. ඒ නිසා තවමත් නිසි ගණනයක් සිදුකරන්න නොහැකි වෙලා තියෙනවා. මේක ප්‍ර යෝගික ප්‍රශ්නයක්. උතුරේ රැකියා අවස්ථා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා ? ඔව්, යුද්දයකින් පස්සේ සමාජමය සිදුවීම් ගොඩාක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තම සුදුසුකම් තියෙන රස්සා නැති අය ගොඩාක් ඉන්නවා. මේ අය රස්සා හොයලා හොයලා නැති වුණාම කරනනේ ගිහින් බොන එක. දකුණට මේ ප්‍රශ්නේ අඩුයි. සාමාන්‍ය පෙළ ඉවරවුණ ගමන් මොනවා හරි සමාගම් තියෙනවා. එයාට එතැනින් එහාට ඉගෙන ගන්න අකමැත්තක් තියෙනවානම් තාක්ෂණික අංශයෙන් වෘත්තියක් කරන්න විවිධ පාඨමාලා තියෙනවා. උතුරට මේ තත්වය වෙනස්. වෘත්තීට පුහුණු හෝ කාර්මික අධ්‍යාපනය ලබා ගන්න අවස්ථා නැහැ. උතුරට තියෙනවා කාර්මික විද්‍යාලයක්. නමුත් එකේ ප්‍රින්සිපල් දේශපාලඥයෙක්. කලින් මහින්ද රජපක්ෂ මහතාට වැඩ කළා. එතකොට ඒයා දරණ දේශපාලඥයෙක් මතය දරණ අයට තෘතීක අද්යපනයට අවස්ථා ලැබෙනවා. මෙහේ ඉන්න ගොඩාක් අය පිටරට ඉන්න ඥාතීගෙන් මුදල් අරන් තමයි හුඟාක් අය ජීවත් වෙන්නේ. මෙහෙ සමෘද්ධිය ක්‍රියාත්මක වෙන්නෙත් පොලිටිකල් ඇපොයින්ට්මන් විදිහට. මධ්‍යම ආණ්ඩුවෙයි පළාත් ආණ්ඩුවෙයි ඇමැතිලා කතා පහ කරලා වැඩ කරනවානෙම් මේ පශ්නේ විසදෙනවා. මං ඒකට හොඳම උදාහරණයක් කියන්නම්. මීට අවුරුද්දකට විතර නඩරාජා පාසලේ දරුවනගේ දෙමාපියන් එකතු වෙලා කිව්වා ගැහැණු ළමයින්ට ඈත යන්න බැරි නිසා උසස් පෙළ පන්නි මේ පාසලේ ලබා දේන කියලා. මේ සම්බන්ධයෙන් මම ගිහින් පළාත් සභාවේ අධ්‍යපාපන ඇමැති සමග සාකච්ඡාකළා. නමුත් ඒ වෙලාවේ ආපු පිළිතුර තමයි ගැහුණු ළමයින්ට එම අවස්ථාව ලබා දිය නොහැකි බව. නමුත් මේ කාලයේදීම විජයකලා මන්ත්‍රීවරිය පොරොන්දු වුණා ගැහුණු ළමන්ට එමම අවස්ථාව සලසා දෙන බවට.

















