මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශ වලට පැවති වියළි කාලගුණය නිමා කරමින් ඊයේ (18) අළුයම සිට අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවති.
මාස කිහිපයක් තිස්සේ පැවති වියළි කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ප්‍රධාන ජලාශ වල ජල මට්ටම 25% දක්වා පහත බැස ඇති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පැවසූහ.
මේ වන විට පවතින වර්ෂාවත් සමග එම ජලාශවල ජල මට්ටම ඉහළ නගිමින් පවති.
ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියෝන් හා විමලසුරේන්ද්‍ර යන විදුලිබලාගාර 05 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.
#gallery-0-13 { margin: auto; } #gallery-0-13 .gallery-item { float: left; margin-top: 10px; text-align: center; width: 50%; } #gallery-0-13 img { border: 2px solid #cfcfcf; } #gallery-0-13 .gallery-caption { margin-left: 0; } /* see gallery_shortcode() in wp-includes/media.php */
කොටගල රොබ්ගිල් ඔය පිටාර ගැලීමෙන් නිවාස 6ක් ජලයෙන් යටවේ
මේ අතර අධික වර්ෂාව හේතුවෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි කොටගල මේෆිල්ඩ් තේ වත්තේ වතු කම්කරු නිවාස 6 ක්ජ ලයෙන් යට වීම නිසා 6 පවුල් ක පුද්ගලයින් 23 ක් අවතැන් වු බව දිඹුලපතන පොලිසිය පවසයි.
ඩෙවෝන් දිය ඇල්ල සදහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මෙරට 16 වන වගුරුබිම වන කොටගල වගුරුබිම පිරි රොබ්ගිල් ඇල මාර්ගය පිටාර ගැලීම නිසා මෙම නිවාස ජලයෙන් යටවී තිබේ.
ඊයේ (18) ප.ව 3.45ට පමණ නිවාස ජලයෙන් යටවු බවත් සැඩ පහර ඉතා වේගවත් බැවින් ජීවිත බේරාගෙන ගොඩ බිමට පැමිණි බවත් පවසන ජනතාව ඔවුන්ගේ ඇඳුම් පැලදුම්වත් රැගෙන ඒමට බැරිවුණු බව පවසයි.
අවතැන් වු පිරිස් ඔවුන්ගේ ඥාති නිවාසවල තාවකාලිකව නැවත්වීමට පියවර ගත් බව ග්‍රාම නිලධාරීවරයා පැවසීය.
#gallery-0-14 { margin: auto; } #gallery-0-14 .gallery-item { float: left; margin-top: 10px; text-align: center; width: 50%; } #gallery-0-14 img { border: 2px solid #cfcfcf; } #gallery-0-14 .gallery-caption { margin-left: 0; } /* see gallery_shortcode() in wp-includes/media.php */
පැන්මුර් වැව පිටාර ගැලීමෙන් නිවාස 13ක් ජලයෙන් යටවේ
හැටන් නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ, පැන්මුර් තේ වත්ත ප්‍රදේශයේ පිහිටි පැන්මුර් වැව පිටාර ගැලීමෙන් ඊට පහලින් පිහිටි නිවාස 13 ක් යටවීම නිසා පවුල් 13කට අයත් පුද්ගලයින් 60ක් අවතැන් වු හැටන් පොලිසිය පවසයි.
අවතැන් වු පිරිස පැන්මුර් පෙර පාසලේ හා ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ තාවකාලකව නැවත්වීමට එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා කටයුතු කර තිබේ.
එම පිරිසට ආහාර හා අනෙකුත් පහසුකම් සැපයීමට අඹගමුව කෝරළය ආපදා කළමනාකරණ මධ්‍යසථානය පියවර ගෙන තිබේ.
චමත් කාවින්ද
ජනයුගය හැටන් වාර්තාකරු
#gallery-0-15 { margin: auto; } #gallery-0-15 .gallery-item { float: left; margin-top: 10px; text-align: center; width: 50%; } #gallery-0-15 img { border: 2px solid #cfcfcf; } #gallery-0-15 .gallery-caption { margin-left: 0; } /* see gallery_shortcode() in wp-includes/media.php */
මධ්‍යම කඳුකරයට ආපදා තත්ත්වයක් මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශ වලට පැවති වියළි කාලගුණය නිමා කරමින් ඊයේ (18) අළුයම සිට අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවති.