It's my 7 year anniversary on Tumblr 🥳
$LAYYYTER
AnasAbdin
No title available

blake kathryn

@theartofmadeline
Claire Keane
we're not kids anymore.
d e v o n
Mike Driver
Keni

No title available
2025 on Tumblr: Trends That Defined the Year

Kaledo Art
todays bird
No title available
PUT YOUR BEARD IN MY MOUTH

祝日 / Permanent Vacation

pixel skylines
Alisa U Zemlji Chuda
I'd rather be in outer space 🛸
seen from United States

seen from United States

seen from Singapore
seen from Mexico
seen from United States

seen from United States

seen from United States

seen from United States
seen from United States
seen from United States
seen from United States

seen from United States
seen from United States

seen from Italy

seen from Germany

seen from Bangladesh

seen from United States
seen from United States
seen from France

seen from United Kingdom
@chansureshor
It's my 7 year anniversary on Tumblr 🥳
මොනවද මේ🎓Dip 🎓HND 🎓BBA 🎓MBA 🎓M.Phil 🎓PhD 🎓D.Sc 🎓Professor
🎓ඩිප්ලෝමා (𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚)
- උපාධියකට වඩා පහළ මට්ටමේ සහ කෙටිකාලීන අධ්‍යාපන සුදුසුකමක්.
- බොහෝවිට විශේෂිත වෘත්තියක දක්ෂතාව ලබාදෙනවා.
- සාමාන්‍යයෙන් ඩිප්ලෝමාවක් මාස 6 – අවුරුදු 2ක් අතර කාලයක් ඇතුළත සම්පූර්ණ වෙනවා.
- උදාහරණ විදිහට ලංකාවේ තියෙන අධ්‍යාපන විද්‍යා පීඨ, Nursing Training School (NTS) වගේ තැන් වලින් ලබා දෙන්නේ ඩිප්ලෝමා මට්ටමේ සුදුසුකමක්.
- මේ සුදුසුකම උපාධියක් සඳහා පිවිසුමක්, නැත්නම් රැකියාවකට පිවිසීමට මාර්ගයක් වශයෙන් යොදාගන්න පුළුවන්.
- උපාදියකින් පසුව සම්පූර්ණ කරන ඩිප්ලෝමා සාමාන්යෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමා (Post graduate diploma) කියලා තමයි හදුන්වන්නේ. ඕස්ට්‍රේලියාව වගේ රටවල මේක graduate diploma කියලත් හඳුන්වනවා.
- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට:
o Mr. Amarabandu Rupasinghe – Dip. in English
o Mrs. Sama Amaralatha – PgDip in Education
------------------------------------------------------
🎓ප්‍රථම උපාධිය (𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫’𝐬 𝐃𝐞𝐠𝐫𝐞𝐞)
- විශ්ව විද්‍යාලයක හෝ පිළිගත් උපාධි ප්‍රදාන ආයතනයකින් කෙනෙක් ලබාගන්නා මුල්ම උපාධිය.
- සාමාන්‍යෙයෙන් අවුරුදු 3–4 ක් වගේ කාලයක් ගත වෙනවා උපාධියක් සම්පූර්ණ කරන්න.
- වෛද්‍ය උපාධියක් වගේ විශේෂ උපාධි සඳහා අවුරුදු 5ක් වගේ ගත වෙනවා.
- සමහරක් අවුරුදු 4ක උපාධි විශේෂවේදී උපාධියක් විදිහට හඳුන්වනවා. Special Degree එකක් කියන්නේ එතකොට. (BSc Special in Chemistry)
උදාහරණ:
* BA – ශාස්ත්‍රවේදී උපාධිය
* BSc – විද්‍යාවේදී උපාධිය
* BBA - ව්‍යාපාර කළමණාකරණ උපාධිය
* BEng – ඉංජිනේරු උපාධිය
* MBBS (Bachelor of Medicine, Bachelor of Surgery)- වෛද්‍ය උපාධිය
- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට:
o Mr. Amarabandu Rupasinghe – BSc in Science
o Mrs. Sama Amaralatha – BA (special) in Sociology
සිංහලෙන් ලියනවානම්:
o විද්‍යාවේදී අමරබන්දු රූපසිංහ
o ශ්‍රාස්ත්‍රවේදී සාමා අමරලතා
------------------------------------------------------
🎓මාස්ටර් උපාධිය (𝐌𝐚𝐬𝐭𝐞𝐫’𝐬 𝐃𝐞𝐠𝐫𝐞𝐞)
පස්සේ කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් තවත් ඉදිරියට ඉගැන ගැනීමේදී තමයි Masters එකක් කරන්නේ
- බොහෝ වෙලාවට එක් විෂය ක්ෂේත්රයක ගැඹුරු දැනුමක් මේ උපාධි පාඨමාලාවකදී හදාරනවා.
- සාමාන්යෙන් අවුරුදු 1–2 ක් අතර කාලයක් යනවා උපාධිය සම්පූර්ණ කරන්න.
- Taught Master’s / Research Master’s විදිහට වෙන් වීමක් ගොඩක් වෙලාවට තියෙනවා.
- බොහොමයක් masters උපාධි වල නිබන්ධනයක් (thesis) එකක් තනියෙන් සම්පූර්ණ කරන්න ඕනි.
උදාහරණ:
* MA – ශාස්ත්‍රපති උපාධිය
* MSc – විද්‍යාපති උපාධිය
* MBA – master’s in business administration
- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට:
o Mr. Amarabandu Rupasinghe – MSc in Data Science
o Mrs. Sama Amaralatha – MA in Communication
සිංහලෙන් ලියනවානම්:
o විද්‍යාපති අමරබන්දු රූපසිංහ
o ශ්රාස්ත්රපති සාමා අමරලතා
------------------------------------------------------
🎓(𝐌.𝐏𝐡𝐢𝐥 – 𝐌𝐚𝐬𝐭𝐞𝐫 𝐨𝐟 𝐏𝐡𝐢𝐥𝐨𝐬𝐨𝐩𝐡𝐲)
- මේ සම්පූර්ණයෙන්ම පර්යේෂණමය මාස්ටර් උපාධියක්.
- බොහෝවිට PhD එකකට පෙර පියවරක් විදිහට තමයි කෙනෙක් මේ වගේ උපාධියකට යොමු වෙන්නේ.
- මේ උපාධිය සම්පූර්ණ කරන්න අනිවාර්යෙන්ම ස්වාධීන පර්යේෂණයක් කරලා ඒ සොයාගැනීම් පිළිගත් ආකාරයකට publish කරන්න අවශ්‍යයයි.
- සාමාන්‍යයෙන් අවුරුදු 1–2 අතර ප්‍රමාණයක් යනවා M.Phil එකක් complete කරන්න.
- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට:
o Mr. Amarabandu Rupasinghe – M.Phil in Computer vision
------------------------------------------------------
🎓ආචාර්ය උපාධිය (𝐏𝐡𝐃 – 𝐃𝐨𝐜𝐭𝐨𝐫 𝐨𝐟 𝐏𝐡𝐢𝐥𝐨𝐬𝐨𝐩𝐡𝐲)
- විශ්වවිද්‍යාලයකින් ලැබිය හැකි ඉහළම උපාධියක් තමයි ආචාර්ය උපාධිය කියන්නේ.
- නව දැනුමක් නිර්මාණය කරන එක මූලික කරගත්තු අලුත්ම පරේක්ෂණයක් අනිවාර්යෙන්ම මේ උපාධි අපේක්ෂකයෙක් කරගෙන යනවා.
- ඒ වගේම ඒ කරන පරේක්ෂණ වල සොයාගැනීම් පිළිගත් journals/ conferences වල publish කරන්න ඕනි.
- සාමාන්යෙන් අවුරුදු 3–7 ක් අතර කාලයක් ගතවෙනවා complete කරන්න.
- Thesis එකක් වගේම සහ viva test එකකුත් තියෙන්න පුළුවන් මේ උපාධිය ප්රදානය කරන්න කලින්. විශ්වවිද්‍යාලය මඟින් පත් කරපු board එකක් ඒ පිළිබඳ සෑහිමකට පත් උනොත් තමයි ආචාර්ය උපාධිය ප්රදානය කරන්නේ.
- ලෝකයේ සමහරක් විශ්වවිද්‍යාල DBA (Doctor in Business Administration), D. Eng (Doctor in Engineering) වගේ PhD වලට සමාන උපාධි පිරිනමනවා.
- Education field එකේ අයට Doctor of Philosophy වෙනුවට දැන් Doctor of Education (EdD) කියලා එකක් තියනවා මේක ගොඩක් ගුරුවරුන්ට ප්‍රින්සිපල් ලට වගේ අයට ජොබ් එක කරන ගමන් ඒකත් එක්කම සම්බන්ධ වෙලා කරන්න පුලුවන් එකක් .
- සාමාන්යෙන් PhD එකකදි යුනිවර්සිටි එකෙන් උපාධි අපේක්ෂකයාට ගෙවනවා ඒක කරනවට. ෆුලි ෆන්ඩඩ් ගොඩක් වෙලාවට. (ගෙවලා ගන්නවා නෙවෙයි. ගන්නවට ගෙවනවා! :D )
- සමහර පිළීගත් විශ්වවිද්‍යාල වලින් ඒ ඒ ක්ශේත්‍ර වල සුවිශේෂ හැකියා ඇති අයට ගෞරව ආචාර්ය උපාධි පිරිනමනවා. ( ආචාර්ය නන්දා මාලිනියන්ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් 2017 වර්ෂයේ පිරිනමපු Doctor of Philosophy (Fine Arts) Honoris Causa ඒ වගේ උපාධියක්.)
- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට (Dr සහ PhD කියන යෙදුම් දෙකම එක වෙලාවක පාවිච්චි කරන්නේ නෑ):
o Amarabandu Rupasinghe, PhD
o Dr. Amarabandu Rupasinghe
o අචාර්ය අමරබන්දු රූපසිංහ
------------------------------------------------------
🎓𝐃.𝐒𝐜. – 𝐃𝐨𝐜𝐭𝐨𝐫 𝐨𝐟 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞
- මේක ඉතා සුවිශේෂී, PhD එකටත් වඩා ඉහළ උපාධියක්.
- යම් අයෙක් දිගුකාලීනව කරන අතිවිශිෂ්ට ගවේෂණ පරීක්ෂණ සහ ක්‍රියාකාරකම් මත පදනම්ව තමයි මේ උපාධිය පිරිනැමෙන්නේ.
- ලෝකයේ සමහර විශ්වවිද්‍යාල විතරයි D.Sc උපාධි පිරිනමන්නේ.
- සමහර රටවල් වල PhD එකට සමාන උපාධියක් විදිහටත් සලකනවා.
------------------------------------------------------
🎓මහාචාර්ය පදවිය (𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐨𝐫𝐬𝐡𝐢𝐩)
- මහාචාර්ය පදවිය කියන්නේ තනතුරක්, උපාධියක් නොවෙයි.
- සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක උසස්ම අධ්‍යයන තනතුර වෙන්නේ මහාචාර්ය තනතුර.
- බොහෝ වෙලාවට මහාචාර්ය කෙනෙක් වෙන්නේ ආචාර්ය උපාධියක් (PhD) එකක් සම්පූර්ණ කරපු කෙනෙක්.
- USA වලදී Professor කියන term එක විශ්වවිද්‍යාල ගුරුවරු හැමෝටම යොදාගන්නවා. ඒ කියන්නේ PhD එකක් තිබ්බා හෝ නැතා, ඒ අය විශ්වවිද්‍යාලයක උගන්නනවා නම් professor කියලා හදුන්වනවා.
- British system එකේදී ( ලංකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලත් තියෙන්නේ ඒ system එක) අනිවාර්යෙන්ම විශ්වවිද්‍යාලය මහාචාර්ය පදවිය ප්රදානය කළ යුතුයි.
- යමෙක් විශ්වවිද්‍යාලයෙන් අයින් උනාම මහාචාර්ය කියන title එක අයින් වෙලා නැවත ආචාර්ය වෙනවා.
- හැබැයි සමහර අවස්ථා වල සුවිශේෂ පුද්ගලයන්ට ජීවිත කාලයටම බලපාන විදිහට මහාචාර්ය පදවි (Emeritus professor) පිරිනමනවා. මහාචාර්ය VK සමරනායක එවැනි අයෙක්. (සේවාර්ජිත මහාචාර්ය තමයි සිංහල නාමය)
මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට:
o Professor Amarabandu Rupasinghe
o මහාචාර්ය අමරබන්දු රූපසිංහ
------------------------------------------------------
🔰මේ post එක තව කෙනෙකුට දැන ගන්න share කරන්න අමතක කරන්න එපා 🔰
මේ පෝස්ට් එක උපුටා ගැනීමක්. ඉදිරිපත් කරලා තියෙන කරුණු අධ්‍යාපන සුදුසුකම් ගැන උනන්දු වෙන කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන්. ඒත් ඉතිං එකක් කියන්න ඕනි. කටපාඩම් කරලා හෝ AI වගේ දේවල් උපයෝගි කර ගෙන හෝ උපාධි ලබා ගත්තට මදි. තමන්ගේ ධාරිතාව සංවර්ධනය වෙන විදියට සුදුසුකම් ලබා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
මේ අර මුලින් කිව්ව පෝස්ට් එක.
උපාධි, ආචාර්ය මහාචාර්ය පදවි තානාන්තර ගැන හෙනම කතාවක් යනවනේ.. මේ මම දන්න තරමින් ඒ ගැන සරළ විස්තරයක්.
මේකත් ඔය අත කහනවට කොටන ලියමනක්.
මේ අධ්‍යාපන සුදුසුකම් නිසි ආකාරයෙන් සම්පූර්ණ කරන්න “හරියට” කරන මිනිස්සු පට්ටම කට්ටක් කනවා වගේම ලෝක දැනුම් පද්ධතියට හරයක් එකතු කරන්න තමන්ගේ ජීවිතේ සැළකියයුතු කාලයක් කැප කරනවා.
ඒ වගේම මේ උපාධි පිරිනමන “නිසි” ආයතන/ විශ්වවිද්‍යාල හරි ආකාර නියාමනයන්ට යටත් වෙලා කටයුතු කරනවා.
එහෙම තියෙද්දි ඩොලර්, රුපියල් වලට මේ අකුරු තුන හතර අලෙවි වෙද්දි, තමන්ට නැති උපාධි ගත්තා වගේ මාකට් කරද්දී, එව්වට කට පියාගෙන ඇස් අයාගෙන ඉන්නවා කියන්නේ අර වටිනාකමක් තියෙන මිනිස්සුන්ගෙත් වටිනාකම නැති කරන දෙයක්.
තමන්ගේ දුවා දරුවන්ට පොඩ්ඩක් හරි ආදරයක් තියෙනවානම් “නිසි” අධ්‍යාපනයේ අගය වටහලා දෙන එක දෙමව්පියන්ගේ වගකීමක්. ඒත් එක්ක මේ සුදුසුකම්, උපාධි වල තියෙන බර, වටිනාකම අනිවාර්යෙන්ම කියලා දෙන එකත් යුතුකමක්!
උපුටා ගැනීමකි
Chandima Herath
#MentalResilience hashtag#InnerStrength hashtag#MindsetShifthashtag#ProductivityBoost hashtag#PeakPerformance hashtag#SelfGrowth hashtag#MotivationAtWork hashtag#SuccessMindset hashtag#PersonalExcellence hashtag#WorkplaceMotivationhashtag#CorporateTraining hashtag#LeadershipDevelopment hashtag#PeopleDevelopment hashtag#WorkplaceWellness hashtag#OrganizationalGrowth hashtag#EnhancingProductivity hashtag#HumanPowerDevelopmenhashtag#SkillsForSuccess hashtag#ProfessionalGrowth hashtag#EmpowermentTraining hashtag#SoftSkillsDevelopment hashtag#HRTraining hashtag#CareerSuccess
ඇයි පැයකට මිනිත්තු 60ක් ? ඇයි දවසකට පැය 24ක් ?
අපි හැමෝම ජීවත් වෙන්නේ කාලසටහනකට අනුව උදේ නැගිටින වෙලාවේ ඉඳන්, වැඩට යන, ගෙදර එන, නිදාගන්න වෙලාව දක්වා හැමදේම සිද්ධ වෙන්නේ ඔරලෝසුව දිහා බලාගෙන. අපේ මුළු ජීවිතයම මේ කාලය වටා කැරකෙනවා කිව්වොත් වැරදි නැහැ…
හැබැයි, ඔයා කවදාවත් එක මොහොතකට හරි නැවතිලා හිතුවද ?
"ඇයි හරියටම පැයකට මිනිත්තු 60ක් තියෙන්නේ ?"
"ඇයි දවසකට පැය 24ක් වෙන්නේ?"
මේක අහඹු සිදුවීමක්ද? එහෙමත් නැත්නම්, මේකට පිටුපසින් අපි නොදන්නා කතාවක් තියෙනවද ?
මගේ එක පර්යේෂණයක් තමයි 'සාමාන්‍ය ජීවිතයට නැතුවම බැරි සංකල්පවල සම්භවය සෙවීම', ඉතිං බැලූ බැල්මට මේ සංඛ්‍යා හුදෙක් ගණන් කිරීමේ පහසුවට යොදාගත්තා වගේ අපට පෙනුණත්, මේකට තියෙන්නේ මීට වසර 5000කටත් එහා දිවෙන පුරාණ කතාවක් කියල එවිට මට අනාවරණය වුණා..
මේ කතාව පටන් ගන්නේ මැදපෙරදිග මෙසපොතේමියාවේ තිබූ අතිශයින් දියුණු ශිෂ්ටාචාරයක් වුණු සුමේරියානුවන්ගෙන්..
අපි අද ගණන් කරන්න පාවිච්චි කරන්නේ 10 පාදක ක්‍රමය (decimal system) හෙවත් දශමය ක්‍රමය. ඒ කියන්නේ 10න් 10ට වැඩි වෙන ක්‍රමය. අපේ ඇඟිලි දහය නිසා මේ ක්‍රමය ලෝකයේ ගොඩක් ප්‍රචලිත වුණා.
තව සමහර සංස්කෘතීන් 12 පාදක ක්‍රමයත් (duodecimal system) පාවිච්චි කළා. හැබැයි, මේ පුරාණ සුමේරියානුවන් කාලය, ගණිතය, හා තාරකා විද්‍යාව සඳහා යොදාගත්තේ පුදුමාකාර ක්‍රමයක්, ඒ තමයි 60 පාදක ක්‍රමය (sexagesimal system).
ඇයි මේ 60 පාදක ක්‍රමයක් ?
60 කියන්නේ මොනතරම් විශේෂ සංඛ්‍යාවක්ද? අද කාලේ අපිට 60 කියන්නේ සාමාන්‍ය සංඛ්‍යාවක් වුණත්, සුමේරියානුවන්ට 60 කියන්නේ හරිම විශේෂ සංඛ්‍යාවක් වුණා. ඒකට හේතුව 60 බෙදන්න පුළුවන් සංඛ්‍යා ගණන ඉතා විශාල වීම. 60 කියන සංඛ්‍යාව අපිට 1, 2, 3, 4, 5, 6, 10, 12, 15, 20, සහ 30 කියන සංඛ්‍යා වලින් හරියටම ඉතිරි නැතිව බෙදන්න පුළුවන්. හිතලා බලන්න, මේක කොච්චර පහසුද කියලා.
දවසක් හෝ පැයක් වගේ කාල පරිච්ඡේදයක් කොටස් වලට බෙදාගන්න අවශ්‍ය වුණාම, 60 වගේ පහසුවෙන් බෙදන්න පුළුවන් සංඛ්‍යාවක් යොදාගන්න එක හරිම ප්‍රයෝජනවත්. උදාහරණයක් විදිහට, පැයක් (මිනිත්තු 60ක්) දෙකට, තුනට, හතරට, පහට, හයට, දහයට… ඔය විදිහට සමාන කොටස්වලට බෙදාගන්න පුළුවන්. දශමය ක්‍රමයේදී 100 වගේ සංඛ්‍යාවක් වුණත්, මේ තරම් පහසුවෙන් විවිධ සංඛ්‍යා වලින් බෙදන්න අමාරුයි.
මේ පුරාණ ජනයා අහස දිහා බලාගෙන හිටියා. සූර්යයාගේ ගමන, සඳෙහි චලිතය, තාරකාවල පිහිටීම් නිරීක්ෂණය කළා. ඔවුන්ට ඕන වුණේ මේ විශ්වයේ රටා මැනගන්න, ගණනය කරන්න. 60 පාදක ක්‍රමය ඔවුන්ට මේ සඳහා අතිශයින්ම උපකාරී වුණා.
තාරකා විද්‍යාත්මක ගණනය කිරීම් සහ කාලය බෙදාගැනීම සඳහා 60 පාදක ක්රමයේ තිබුණු මේ පහසුව අතිශයින් වැදගත් වුණා. ඒ විතරක් නෙවෙයි, පුරාණ සුමේරියානු තාරකා විද්‍යාඥයන් විශ්වාස කළා පෘථිවිය සූර්යයා වටා ගමන් කරන්න දවස් 360ක් ගතවෙනවා කියලා (ඇත්තටම ගතවෙන්නේ දළ වශයෙන් දවස් 365.25ක් වුණත්, ඔවුන්ගේ ගණනය කිරීම් අනුව 360ක් කියලා විශ්වාස කළා). පුදුමේ කියන්නේ, මේ 360 කියන සංඛ්‍යාවත් 60න් හරියටම බෙදෙනවා! (360 = 60 x 6). මේ නිසා, කවාකාර චලිතයන් සහ කෝණ මැනීම සඳහාත් 60 පාදක ක්‍රමය පදනම් කරගත් ක්‍රමවේදයක් ඔවුන් භාවිතා කරන්න ඇති කියලා අද විශ්වාස කෙරෙනවා. අදටත් අපි වෘත්තයක් (රවුමක්) අංශක 360කට බෙදන්නේ ඒ පුරාණ සුමේරියානු දැනුමේ ආභාෂයෙන්..
"පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න එතකොට, කවුද ඔය සුමේරියානුවන්? එහෙම ජාතියක් අද නෑනේ.. එයාලා ජීවත් වුණේ කොහේද ? එයාලා මේ ලෝකයට තව මොන වගේ දේවල් දායාද කළාද ?"
"ඉතා වැදගත් ප්‍රශ්නයක්, ලෝකයේ මුල්ම ශිෂ්ටාචාරය විදිහට සැලකෙන්නේ සුමේරියානු ශිෂ්ටාචාරයය. මීට වසර 5000කටත් එහා අතීතයේ, හරියටම කියනවා නම් ක්‍රිස්තු පූර්ව 4 වැනි සහ 3 වැනි 'සහස්රකය' අතර කාලයේදී තමයි ඔවුන්ගේ ස්වර්ණමය යුගය ඇති වුණේ..
එයාලා ජීවත් වුණේ අද ඉරාකය කියන රටට අයිති, ටයිග්‍රීස් (Tigris) සහ යුප්‍රටීස් (Euphrates) කියන සාරවත් ගංගා දෙක අතර තියෙන බිම් තීරයේ, විශේෂයෙන්ම එහි දකුණු කොටසේ. මේ ප්‍රදේශය තමයි "මෙසපොතේමියාව" කියලා හඳුන්වන්නේ. මේ ගංගා නිම්නය සාරවත් පසින් අනූන වුණත්, වාරි පද්ධති නොමැතිව වගා කිරීම අසීරු වුණා.
සුමේරියානුවන්ගේ සම්භවය නම් නොවිසඳුණු අභිරහසක් ?
ඇත්තම කිව්වොත්, සුමේරියානුවන් කොහෙන් ආපු අයද කියන එක අදටත් පුරාවිද්‍යාඥයන් අතර විවාදයට තුඩු දීලා තියෙන දෙයක්. ඔවුන් එතෙක් මෙසපොතේමියාවේ ජීවත් වුණු අනෙකුත් ජන කොටස්වලට වඩා භාෂාවෙන් හා සංස්කෘතියෙන් වෙනස් වුණා. ඔවුන්ගේ භාෂාව, ඒ අවට හිටපු සෙමිටික් (Semitic) භාෂා කතා කළ ඇකේඩියානුවන් (Akkadians), ඇරමයිකයන් (Aramaeans) වගේ අයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වුණු, තනිව පිහිටි (language isolate) භාෂාවක්… සමහරු විශ්වාස කරනවා ඔවුන් පිටතින් සංක්‍රමණය වුණා කියලා, තවත් සමහරු කියනවා ඔවුන් ඒ ප්‍රදේශයේම දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රමයෙන් දියුණු වුණු පිරිසක් කියලා. කොහොම වුණත්, ඔවුන්ගේ සම්භවය පිළිබඳ පැහැදිලි සාක්ෂි තවමත් හමුවෙලා නැහැ. මේ අභිරහස නිසාම මෙය "සුමේරියානු ගැටලුව" (Sumerian problem) කියලත් සමහර වෙලාවට හඳුන්වනවා. (ඔන්න කදිම අවස්ථාවක් කැමති නම් මේ ගැටළුව විසදන්න..)
කොහොම නමුත් මේ පුරාණ ශිෂ්ටාචාරය ලෝකයට දායාද කළ දේවල් නම් අති විශාලයි. අපි අද ජීවත් වෙන ලෝකයේ බොහෝ දේවල්වල මූලාරම්භය අපිට සුමේරියානු ශිෂ්ටාචාරයෙන් හොයාගන්න පුළුවන්..
ලෝකයේ මුල්ම නගර සංකල්පය බිහි වුණේ සුමේරියානුවන් අතර ඌරුක් (Uruk), ඌර් (Ur), ලගාෂ් (Lagash), එරිදු (Eridu), නිප්පූර් (Nippur) වගේ නගර තමයි ඒ කාලේ ප්‍රධාන මධ්‍යස්ථාන වෙලා තිබුණේ. මේවා හුදෙක් ජනාවාස නෙවෙයි, සංකීර්ණ සමාජ, ආර්ථික හා දේශපාලන ව්‍යුහයන් සහිත නගර රාජ්‍යයන් (city-states) වුණා. සෑම නගරයකටම තමන්ගේම පාලකයෙක්, ආරක්ෂක දෙවි කෙනෙක් සහ විශාල පන්සලක් (සිගුරාටයක්) තිබුණා..
ලිවීමේ කලාව කියුනිෆෝම් (Cuneiform) තමයි සුමේරියානුවන්ගේ ලෝකයට ආ ලොකුම හා වැදගත්ම දායකත්වය කියල මට නම් හිතෙන්නේ.. ඔවුන් මුලින්ම පින්තූර සංකේත (pictograms) භාවිතයෙන් ලිව්වත්, පසුව මැටි පුවරුවල කූඤ්ඤ හැඩයේ සලකුණු (wedge-shaped marks) භාවිතයෙන් කියුනිෆෝම් අක්ෂර ක්‍රමය නිර්මාණය කළා. මෙය ලෝකයේ පැරණිතම ලිඛිත භාෂා ක්‍රමයක් විදිහට සැලකෙනවා. මුලින්ම වෙළඳ හා පරිපාලන වාර්තා තියාගන්න භාවිත කළත්, පසුව ඉතිහාසය, නීතිය, සාහිත්‍යය වගේ විවිධ දේවල් ලිවීමටත් එයාල ඒ අකුරු යොදාගත්තා..
කාලය මැනීමට 60 පාදක ක්‍රමය භාවිත කළා වගේම, සුමේරියානුවන් ගණිතයේ සහ තාරකා විද්‍යාවේ ඉහළ දියුණුවක් පෙන්නුවා. ඔවුන්ට සංකීර්ණ ගණිත ගැටලු විසඳීමේ හැකියාව තිබුණා. අහස නිරීක්ෂණය කරලා, ග්‍රහලෝකවල හා තාරකාවල චලිතයන් ගැන වාර්තා තබාගත්තා. මේ දැනුම ඔවුන්ගේ දින දර්ශන සකස් කරගැනීමටත්, කෘෂිකාර්මික කටයුතු සැලසුම් කිරීමටත්, ආගමික කටයුතු සඳහාත් උපකාරී වුණා. වෘත්තයක් අංශක 360කට බෙදීමේ ක්‍රමය වගේ දේවල් ඔවුන්ගේ තාරකා විද්‍යාත්මක හා ගණිතමය දැනුමෙන් බිහි වුණු ඒවා.
ටයිග්‍රීස් සහ යුප්‍රටීස් ගංගා නිතරම ගංවතුර ඇතිවන ගංගා. මේවා පාලනය කරලා, ඇලවේලි, වේලි හා ජලාශ පද්ධති හදලා, නියං කාලවලට පවා සාර්ථකව ගොවිතැන් කරන්න පුරෝගාමී වුණේ සුමේරියානුවන්. මේ දියුණු වාරි තාක්ෂණය නිසා තමයි ඔවුන්ට විශාල නගර පෝෂණය කිරීමට අවශ්‍ය තරම් ආහාර නිෂ්පාදනය කරගන්න පුළුවන් වුණේ.
රෝදය මුලින්ම නිපදෙව්වේ සුමේරියානුවන් කියලා පුළුල්ව විශ්වාස කෙරෙනවා. මුලින්ම මැටි භාණ්ඩ සෑදීම සඳහා කුඹල් සකපෝරුව (potter's wheel) විදිහට මෙය භාවිත කළා. පසුව ප්‍රවාහන කටයුතු සඳහා රෝදය යොදාගත්තා. රෝදයේ සොයාගැනීම මානව ඉතිහාසයේ ඉතා වැදගත් සොයාගැනීම් වලින් එකක්..
ලෝකයේ පැරණිතම නීති සංග්‍රහයන් (law codes) නිර්මාණය කිරීමේ ගෞරවයත් සුමේරියානුවන්ට හිමි වෙනවා. ඌරුක් නගරයේ පාලකයා වුණු ඌර්-නම්මු (Ur-Nammu) විසින් ක්‍රිස්තු පූර්ව 2100දී පමණ සම්පාදනය කළ නීති සංග්‍රහය, හැමුරාබිගේ නීති සංග්‍රහයටත් වඩා පැරණි එකක්. මෙය සංකීර්ණ සමාජයක් පාලනය කිරීම සඳහා නීති රීතිවල වැදගත්කම ඔවුන් තේරුම් ගත් බව පෙන්වනවා..
ලෝකයේ පැරණිතම සාහිත්‍ය කෘති අතරින් එකක් විදිහට සැලකෙන ගිල්ගමේෂ් වීර කාව්‍යය (Epic of Gilgamesh) ලියවුණේ සුමේරියානු භාෂාවෙන්. මෙය පුරාණ සුමේරියානු විශ්වාසයන්, වීර කතා හා ජීවිතය පිළිබඳ ඔවුන්ගේ දැක්ම පෙන්නුම් කරනවා.
සියවස් ගණනාවක් පුරා සුමේරියානු නගර රාජ්‍යයන් සමෘද්ධිමත් වුණත්, ඔවුන් එකිනෙකා අතර නිතර සටන් කළා. මේ අභ්‍යන්තර ගැටුම් නිසා ඔවුන් දුර්වල වුණා. ක්‍රිස්තු පූර්ව 2300දී පමණ ඇකේඩියානු අධිරාජ්‍යය ගොඩනැගූ සර්ගොන් රජු (Sargon of Akkad) සුමේරියානු නගර රාජ්‍යයන් යටත් කරගත්තා. ඉන් පසුවත් කෙටි කාලයකට සුමේරියානු පුනර්ජීවනයක් ඇති වුණත්, ක්‍රිස්තු පූර්ව 2000න් පසුව අමොරයිට්වරුන් (Amorites) වැනි අනෙකුත් ජන කොටස් මෙසපොතේමියාවේ බලය අල්ලාගත්තා..
කාලයත් එක්ක සුමේරියානුවන් අනිත් ජන කොටස් එක්ක මිශ්‍ර වෙලා, ඔවුන්ගේ වෙනම දේශපාලන අනන්‍යතාව නැති වුණා. සුමේරියානු භාෂාව කතා කරන එක ක්‍රමයෙන් නැතිවෙලා ගියා. හැබැයි, ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ ආගමික විශ්වාසයන්, ගණිතය, තාරකා විද්‍යාව, ලිවීමේ ක්‍රමය වගේ දේවල් පසුව බිහි වුණු බැබිලෝනියානු (Babylonian) හා ඇසිරියානු (Assyrian) වගේ ශිෂ්ටාචාරවලට උරුම වුණා, මේ හරහා සුමේරියානු දැනුම අවසානයේදී ග්‍රීක, රෝම වගේ ශිෂ්ටාචාර හරහා අපේ අද ලෝකය දක්වාම පැමිණියා..
බලන්න සුමේරියානුවන් කියන්නේ, අපේ අද ලෝකයට නොසිතූ විරූ විදිහට බලපෑම් කළ, පුරාණ යුගයේ දැවැන්තයන් පිරිසක්. ලිවීම, නගර ගොඩනැගීම, නීති පද්ධති, ගණිතය, තාරකා විද්‍යාව, වාරි කර්මාන්තය වගේ ගොඩක් දේවල්වල මුල් අඩිතාලම දැම්මේ මෙයාලා..
අපි ශ්‍රී ලාංකිකයන් විදිහට, පුරාණයේදී හිරුගේ හා සඳෙහි ගමන අනුව කන්න ක්‍රම, නැකැත් ආදිය සකස් කරගත්තා. ස්වභාවධර්මයේ රටා නිරීක්ෂණය කිරීම ලෝකයේ බොහෝ පුරාණ සංස්කෘතීන්වල තිබුණු දෙයක්. හැබැයි, දවස පැය 24කට සහ පැය මිනිත්තු 60කට බෙදන මේ විශේෂිත ක්‍රමය අපිට උරුම වුණේ නම්, ඒ ඈත සුන්දර මෙසපොතේමියාවෙන්..
. . උපුටා ගැනීමකි.
#srilankaphotography #chansureshor_sl
2005ට කලින් ආතල් එකේ හිටපු ලංකාවෙ මිනිස්සුන්ට සංස්කෘතික කරෙක්ෂන් එකක් නිසා වෙච්චි දෙයක්!
මට වඩා වයසින් බාල නංගිලා මල්ලිලාට ලියන වග නම්... (වැඩිහිටියන් මටත් වඩා අගේට මේ අත්දැකීම් විඳ ඇති බැවින්)
2007 උසස් පෙළ කරපු මට හොඳටම මතක තියෙන දෙයක් තමයි ඒ දවස්වල හවසට රොටරියේ ක්ලාස් ඉවරවුනහම නුගේගොඩ හන්දියේ තිබුණු පැලස් හෝටලයට එකතුවෙන පාසල් යුනිෆෝම් ඇඳපු සිගරට් බලකාය.
ක්ලාස් ඉවරවෙලා පාසල් යුනිෆෝම් එක පිටින්ම හෝටලේට ගිහින් මේසයක් වටේ ඉඳගෙන,
"ගෝල්ඩ් ලීෆ් පහයි ප්ලේන්ටී පහයි" කියලා වේටර් මහත්තයට කිව්වහම එසැණින් සිගරට් පහයි ප්ලේන්ටී පහයි මේසෙට එන කාලයක්.
එහෙව් කාලයක් 2008/09න් පස්සෙ ලංකාවේ තිබුනෙ නෑ. පාසල් යුනිෆෝම් ඇඳපු කොල්ලෙකුට කඩේ ඇතුළෙම ප්ලේන්ටී එකයි සිගරට් එකයි බීලා ගෙදර යන්න පුළුවන් කාලයක් ඊට කලින් තිබුනා.
2007/08න් පස්සෙ මොකද වුනේ? හිංගලකමට ගරු කරන වෙස්මූණු රජාණන් කෙනෙක්ව බලයට ගෙනාවහම උන්නැහේ ඒක සිරා අරන් රජාට ඇන්දා. 21ට අඩු අයට දුම්පානය තහනම් කරලා සහ ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කරලා ගෙනාපු නීති රීති මාරයි කියලා ඒ දවස්වල වැඩිහිටියන්ටත් හිතෙන්න ඇති.
බැලු බැල්මට ඒවා පට්ට නීති. ඒත් ලිබරල් ආර්ථිකයක් තියෙන රටක එවැනි අවශ්‍යතා වලට වුවමනා රිප්ලේස් වෙන බව මේ රටේ පාලකයො දැනගෙන හිටියෙ නෑ. අනික තමයි ඇඩ්වර්ටයිසිං වල බලය. "21ට අඩු අයට" කියලා ලොකුවට දාපු ගමන් ඉස්කෝලෙ ළමයින්ට හිතෙන්නෙම ඒක කරලා බලන්න. මොකද උන් ආස නෑ තමන්ව පොඩියට පේනවට.
ඒ නිසා මේ වෙනකොට ලංකාවෙ පාසල් දරුවො නැවතිලා තියෙන්නේ අයිස්, කුඩු, මාවා, ස්ටෑම්ප්, පිල්ස් ආදී මෙකී නොකී මත්ද්‍රව්‍ය ලෝකයක් මැද. ඒව පාවිච්චි කරන්නෙත් හොරට තැන් තැන්වල සෙට් වෙලා ඉතාම නරක විදිහට.
නමුත් ඊට කලින් මිනිස්සු මානසිකව හරි ලිබරල්. එහා මේසෙ සර්ලා සිගරට් බොනකොට මෙහා මේසෙ ශිෂ්‍යයො සිගරට් බිව්වා. කවුරුත් උපදෙස් දෙන්න ගියේ නෑ. උපදෙස් දුන්නෙ ඉස්කෝලෙ ඇතුළෙදි විතරයි.
ඔය රෝයල්, තර්ස්ටන්, මහානාම එකට ගියපු මගෙ පරපුරේ එවුන්ට මතක ඇති ඒ කාලෙ ඉස්කෝලෙ වෙලාවෙදි පවා රහීමා හෝටලේ තිබුණු දුම් ජාලාව. කවුරුත් හොර වැඩ කරන්න කියලා වෙනම කලර්ඩ් ඇඳුමක් අරගෙන ආවෙ නෑ. ඔක්කොම කරේ යුනිෆෝම් එකෙන්. පාසල් කාලෙ කියන්නෙ කුතුහලය තියෙන කාලයක්. එතකොට හැමදේම ට්‍රයි කරලා බලන්න ආසයි. හොඳ ද නරකද කියලා වැඩක් නෑ. පාසල් ළමයි එහෙම තමයි.
සිගරට් නීතිය නිසා පාසල් දරුවන් දුම්වැටි වලින් ඈත් වුනා කියලද ඔබ හිතන්නේ? එහෙනම් දැන් දුම්වැටි වලින් රජයට පාඩු වෙලා තියෙන්න එපැයි.
ඉතින් රටේ ජනතාව දුම්වැටි වලට ඇබ්බැහි නොවුනොත් ඉන් ලැබෙන බදු ආදායම රජයට ලැබෙනවද? ඒ නිසා අර වගේ නීති ගෙනාවට කවුරු කවුරුත් හැංගිලා බලාගෙන හිටියෙ පාසල් දරුවො ඒවට ඇබ්බැහි වෙනකම් තමයි. නැත්නම් ඕක එක සැරේ තහනම් කරලම දාන්න බැරියැ? මිනිස්සු හැමෝටම අහිතකරයි නෙ සිගරට්. මිනිස්සු හැමෝවම ඒක සැරේ බේරගන්න තිබුනනෙ.
අපි බලමු ෆේස්බුක් එක දිහා...
යොවුන් සහ තරුණ පරපුර හිතන්නෙ ලංකාවේ සංස්කෘතිය කියන්නෙ මහ හිරගෙයක් කියලා. ඒ නිසාම සංස්කෘතිය කියන නම ගෑවුණු ඕනෑම තැනකට පහරදෙන්න හිතෙන එක පුදුමයක් නෙමෙයි. වටිනා දහමක් වෙච්ච බුදු දහමටත් ගැරහුම් එන්නෙ ඒ නිසා.
බුදු දහමෙ නෙමෙයි ප්රශ්නය තියෙන්නේ. ප්රශ්නය තියෙන්නේ "ඊනියා සංස්කෘතිය" තුළයි. හොර දේශපාලුවො, හොර හාමුදුරුවරු, ඇබිත්තයො, බොරු උත්සව ගැන තියෙන පිළිකුලයි මේ එළියට එන්නෙ.
නූතන ඊනියා සංස්කෘතික විප්ලවය ලංකාවට එන්නෙ 2005න් පස්සෙ. ඒ නිශ්චිත මොහොතේ බලය අල්ලන්න ගේම් ගහපු වාමාංශික පක්ෂ පවා ඒ ඊනියා සංස්කෘතිය නිර්මාණය කිරීම පිළිබඳ වගකීම ගන්න ඕන. (දැන් දන්නෑ වගේ හිටියට)
ඒ වෙලාවේ බලය අල්ලන්න තිබුණු ලේසිම ක්‍රමය තමයි ටයිකෝට් ඇඳපු ලංකාවේ ලිබරල් පක්ෂයේ ජනපති අපේක්ෂකයාට එරෙහිව සරම බැනියම අඳින, පෝයට බණ අහන දේශීය පින් ගොනෙක් බලයට ගේන එක. මැද මාවතේ සහ වාමාංශික හැමෝම එකතුවෙලා ඒක කරා ඉතින්. (වාමාංශිකයන්ට දැන් සැපද?)
ඒකට මුල පිරෙන්නෙත් පියාණන් කෙනෙකුගෙන් තමයි.
'77න් පස්සෙ ලිබරල් ආර්ථිකයක් එක්කම "ධර්මිෂ්ඨ සමාජයක්" ලබාගන්න ගිහින් ලංකාවෙ මිනිස්සු අනාථ වුණු අනාථවීම ජාත්‍යන්තර අනාථවීමක්. ලිබරල් ආර්ථිකයක් ඇතුළේ කොහෙද තියෙන්නේ ධර්මිෂ්ඨ සමාජයක්?
ලිබරල් ආර්ථිකයකදී ලාබ මතනෙ ඔක්කොම පදනම් වෙන්නෙ. ඒ නිසයි සුබසාධන ව්‍යාපාර ටික රජය විසින් පවත්වාගෙන යා යුත්තෙ. මුන් ඒක කළේ අනිත් පැත්තට. සුබසාධන ව්‍යාපාර ඔක්කොගෙන්ම කොමිස් ගහන දුර්දාන්ත පාලනයක් ඇතිවුනා පුතාණෝගෙ පියාණන්ගෙ පාලනයෙන් පස්සේ.
ඒ පියාණන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්න කරපු සංස්කෘතික බොරු නිසා ලංකාවෙම මිනිස්සු අනාථවුනා. 2005 මහ රජාණන්ගෙ ආණ්ඩුව කියන්නෙ පියාණෝගෙ ආණ්ඩුවෙම දිගුවක්. නරක දිගුවක්. ස්පීඩ් එක ඩබල්.
'88/'89 කාලෙ කැලැන්ඩර් එහෙම තියෙනවනම් වැඩිහිටියන්ගෙන් ඉල්ලගෙන බලන්න. කාමුක ගෑණු ළමයි ඉන්න ලස්සන කැලැන්ඩර් ගෙවල් වල මහ සාලෙ මැදත් එල්ලලා තිබුනා. කවුරුත් ගෙහිමියාට උපදෙස් දෙන්න ගියෙ නෑ. ෆිල්ම් හැදුනා. වල් පත්තර තිබුනා... ලිබරල්.
කැබරේ තිබුනා, ක්ලබ් තිබුනා, බොන්න තිබුනා. කවුරුත් උද්ඝෝෂණ එල්ලගෙන ආවෙ නෑ. ලිබරල් ඉකොනොමි කියන්නෙ එහෙම තමයි. එහෙම වුනහම තමයි රටේ සල්ලි සංසරණය වෙන්නේ. 2005න් පස්සෙ ඉතින් සංස්කෘතිකව මාරයි, ඒත් කන්නත් නෑ. සැපද? නැත්නම් ලැජ්ජ නැද්ද?
'90 දශකයේ මැදදි පවා ලංකාවේ මිනිස්සු ලිබරල් මානසිකත්වයක හිටියා. වැව් වල, ගංගා වල නාන්න යන තරුණයො කලිසම ගලවලා යට ඇඳුම පිටින් නෑවා. බොක්සරුත් නෙමෙයි, ත්‍රිකෝණ හැඩැති නියම යට ඇඳුම් පිටින්. බොන එවුන් බීලා සින්දුත් කිව්වා.
ඒත් ගමේ සෙට් එක එකතුවෙලා "අන්න පිටගමකින් ඇවිත් අපේ ගමේ අසැබි ලෙස හැසිරෙනවා යකෝ!" කියාගෙන උන්ට ගහන්න ආවෙ නෑ. එහෙම ආගන්තුකයින් සහ ගම අතර බෙදීම් ඇතිවුනෙත් රජාණන්ගෙ ඊනියා සංස්කෘතික විප්ලවය නිසා. ගමයි නගරෙයි මුන් බෙදුවා.
ඉස්සර තාත්තලා ගෙවල් වල පාටි දානකොට "අමො අමො පොඩි ළමයින්ට එල්ල දෙල්ල එපා" ගාගෙන සංස්කෘතික රංගන දැක්වුවෙ නෑ. පොඩි එවුන් ළඟට ආවහම ඌටත් මූඩියට ටිකක් වක්කරලා දුන්නා. බඩේ අමාරු වලට හොඳයි කියලා. ඉතින් කොච්චර ලිබරල් ද? එහෙම වෙන්න එපැයි. ලොකු වුනහම පොඩි එකාට හොඳ නරක දෙකෙන් කැමති එකක් තෝරගන්න ඉඩදෙනවා මිස ඌට බැරියර් දැම්මෙ නෑ.
ඔය ඔක්කොම අස්සෙ අපේ ඇඟට නොදැනී මරු වැඩ ටිකක් වුනා. ලංකාවෙ තරුණයො පැද පැද හිටපු ජපන් බයික්, ජපන් වාහන ටිකෙන් ටික වාෂ්ප වෙලා ඉන්දියන් බයික්, ඉන්දියන් වාහන, ඉන්දියන් නාට්‍ය, ඉන්දියන් සින්දු, ඉන්දියන් ෆැෂන්, ඉන්දියන් ඉන්දියන් ඉන්දියන් වෙලා ඔක්කොම ඉන්දියන්ම වුනා.
අර "ඔයා ඉල්ලෙ ලෙතු කැල් පියල්" කියලා ගායකයන් දෙමලානුකරණය එන්නෙත් ඒවායේ දිගු හැටියට තමයි. ඒව දිග කතා.
කොහොම හරි ලියන්න කම්මැලි වේගන එන හින්දා,
'70, '80 දශකවල කොට ගවුම් ඇඳගෙන, මඟින් හම්බවෙන රත්නෙ අයියගෙ බයිසිකලේ මැදපොල්ලට බරවෙලා රවුම් ගහපු, ඒත් තමන්ගෙ සීමා දැනගෙන ආදරේ කරපු, පවුල් හැදුවට පස්සෙ අම්මලාගේ රාජකාරිය අකුරටම ඉටු කරපු ලංකාවෙ කාන්තාවන්ට සිදුවුනෙත්,
මේ ඊනියා සංස්කෘතික විප්ලවය නිසා අනාථ වෙන්නම තමයි.
නැවැත්තුවා. ලියන්න කම්මැලියි. ලිව්වා කියලා ඉතින් මේක ආයෙ හැදෙයි කියලය!
කට උල් කරලා,
"මුනුවද අප්ප මේ? හ: රටවල්ද? ඒ...ව්!"
- අසංක හදිරම්පෑල.
#Kandy #SriLanka
does anybody wanna go live in London with me I swear I’m cute and I love dogs and coffee ig : pablodume
WoW
♾මොකක්ද මේ 33 × 3 ක්‍රමය ?
ඉතින් ආකර්ෂණීය නීතියෙදී ඔයාට අවශ්‍ය දේවල් ඉක්මනින් ලබා ගැනීමට භාවිතා කළ හැකි තවත් Method එකක් තමයි මේ 33 × 3 කියන්නෙ..මේකෙදිත් වෙන්නේ එකම දේ නැවත නැවත යටි සිතට ලබා දීම මගින් යටි සිත එය පිළිගෙන ඔබව ඒ සඳහා සූදානම් කර අවශ්‍ය දේවල් ආකර්ෂණය කර දීමයි.හැමෝටම එකම විදියට මේක ක්‍රියාත්මක නොවෙන්න පුලුවන්..ඒක වෙන්නෙ ඔයා ඒ ගැන හිතන විදිය සහ හොඳින් පණිවිඩය යටි සිතට ලබා දීම මගින්..
♾කොහොමද මේ 33 × 3 කරන්නෙ?
මුලින් කොලයක් පෑනක් අරගෙන නිදහස් තැනකට යන්න.මේ අවස්ථාවේ සන්සුන් මනසක් පවත්වා ගැනීම වැදගත්.ඔයාට පුලුවන් මේ දේ කරන්න කලින් විනාඩි කිහිපයක් භාවනාවක යෙදෙන්න.නැත්තම් ඇස් පියාගෙන 100 සිට 1ට ආපස්සට ගණන් කරන්න.හිත සන්සුන් වුණාට පස්සෙ ලියන්න ගන්න.
මේකෙදි කරන්න තියෙන්නෙ ඔයාට අවශ්‍ය දේ දැනටම ලැබිල තියෙන්නෙ කියල හිතල 33 වාරය ගානෙ දවස් 3ක් ඒ දේ ලියන එක..හරියට gradditude journal එකේ ලියනවා වගේම ඔයා මේකෙදිත් ලියන්න ඕන නොලැබුන දෙයක් වුණත් දැන් ඔයාට ඒ දේ ලැබිල තියන විදියට හිතලා.
උදාහරණයක් විදියට ඔයාට යම් දෙයක් ලබාගන්න හෝ යම් පුද්ගලයෙක් මුණගැසෙන්න අවශ්‍යනම් දැනටත් ඒ දේ ලැබුන කියල විශ්වයට ස්තූතියි කියලා 33 වාරයක් ලියන්න.මෙහෙම වැඩිවාර ගානක් ලියද්දි ඒක ඔයාගෙ යටි හිතට හොඳින්ම ඇතුලු වෙනවා.
එකපාරට ලොකූ දේකට යන්නෙ නැතිව මේක හුරු වෙනකන් පුංචි දේවල් වලින් පටන් ගන්න.කෑම වර්ගයක් ,ඔයා කැමති ඇඳුමක් , කාලෙකින් හමු නොවූ මිතුරෙක් වෙනුවෙන් වගේ ලියන්න පුලුවන්.
විභාගය හොඳ ප්‍රතිඵල සමග සමත් වීම ගැන විශ්වයට ස්තූතියි
ආසම කෑමක රස බැලීමට දීම ගැන විශ්වයට ස්තූතියි
මට බලාපොරොත්තු වූ රැකියාව ලබා දීම ගැන විශ්වයට ස්තූතියි.
මගේ ජීවන සහකරුවා මුනගැස්වීම ගැන විශ්වයට ස්තූතියි.
පුද්ගලයෙක් වෙනුවෙන් ලියන විට ඔහු හෝ ඇයගේ නම සමගම ලියන්න.
මේ වගේ ඔයාගෙ හිතට හොඳින් දැනෙන පැහැදිලි හා සරළ වාක්‍යයක් හදාගෙන ඒක දවසට 33 වාරය ගානෙ හරියටම දවස් 3ක් ලියන්න.ඒ ලියන මොහොතේ ඒ ගැන විතරක් හිතන්න.දවසෙම ඒ ගැන හිත හිත ඉන්න අවශ්‍ය නෑ.ඒ වගේම මේක එකදිගට දවස් 3ක් කරන්න.කම්මැලි නිසා මැදින් අතෑරල දාන්නත් එපා. උදේ නැගිටපු ගමන්හරි රෑ නිදාගන්න කලින්හරි කරන එක ගොඩක් හොඳයි.රෑට මේ දේ කරනවනම් කරල වෙනත් වැඩ නොකර නින්දට යන්න.එවිට වඩාත් ප්‍රථිඵල දායකයි.මොකද නින්දේදි යටිසිතෙහි ඒ දේවල් තැන්පත් කළ හැකියි.
77×7 ක්‍රමය ගැනත් ඉක්මනින් කියල දෙන්නම්.ඉතින් ඔයාල මේක කරල ප්‍රතිඵල ලැබුණනම් අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් දාල කියන්න.ලිපියෙ ගැන ගැටලු තියනවනම් කමෙන්ට් කරන්න.හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔබ සැමගේ අරමුණු ඉටුවේවා කියල.කියවූ ඔබටත් ආදරණීය විශ්වයටත් ස්තූතියි ❤🌸🙏
-චන්දිම හේරත්
Copied -රසාරා සමරසේකර ©
5. විද්‍යාත්මක පැහැදිලි කීරීම
Law of Attraction කියන කාරණාව නූතන විද්‍යාවෙන් පැහැදිලි වෙන්නෙ මෙන්න මෙහෙමයි. නූතන භෞතික විද්‍යාඥයින්ගේ සොයාගැනීම් වලට අනුව අපේ මනසේ ක්‍රියාකාරීත්වය අපේම ජීවිත වලට සහ විශ්වයට හිතාගන්න බැරි තරම් පුදුමාකාර බලපෑම් ඇතිකරනවා. ඒ කියන්නෙ අපේ ජීවිත වල සිදුවෙන්න ඕන දේ තීරණය කරන හැබෑම තීරකයින් වෙන්නෙ අපියි. අපි අද වෙනකොට භුක්ති විඳින හොඳ සහ නරක කියන්නෙ අපිම විශ්වයට ලබාදීපු දේවල් කියන එකයි.
4. විශ්වය සමඟ ඔබේ සම්බන්ධතාවය
අපි හැමෝම දන්න විදිහට මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ ශක්ති ප්රභවයන්ගේ එකතුවක් විදිහට. ද්‍රව්‍ය සහ මිනිසුන් වගේ අපේ ඇහැට පේන ශක්තීන් වගේම ජංගම දුරකථන තරංග වගේ ඇහැට නොපෙනෙන ශක්තීනුත් විශාල ප්‍රමාණයක් මේ විශ්වයේ සංසරණය වෙනවා. ඒ වගේ ශක්තීන් විශාල සංඛ්‍යාවක් අඩංගු පරමාණු වලින් තමයි මේ අපිට ඇහැට පේන දේවල් නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් අපේ ශරීරයන් නිර්මාණය වෙලා තියෙන මේ ඇසට නොපෙනෙන ලක්ෂ සංඛ්‍යාත පරමාණු නිරන්තරයෙන් කම්පනය වෙනවා. ඒ කම්පනයන් වලින් අපිට පියවි ඇහැට නොපෙනෙන ආලෝකයන් සහ නොඇසෙන අධිසංඛ්‍යාත ශබ්ද තරංගයන් නිකුත් වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි විශ්වයේ තියෙන ශක්තීන් එක්ක සම්බන්ධ වෙන්නෙ.
3. Law of Attraction ක්‍රියාත්මක වෙන හැටි
කලිනුත් කිව්වා වගේ මේ Law of Attraction කියන නීතියේදී වෙන්නෙ අපි හිතන දේ, අපි ක්‍රියාකරන විදිහ කියන කාරණා විශ්වයට මුදාහැරෙන එකයි. එහෙම මුදාහැරෙන දේවල් වල සංඛ්‍යාතයන්ට ගැලපෙන දේවල් තමයි විශ්වයෙන් අපිට පෙරලා ලැබෙන්නෙ. කෙනෙකුට තියෙන ධනය, බලය, ප්‍රසිද්ධිය කියන කිසිම හේතුවක් නිසා මේ නීතිය වෙනස් වෙන්නෙ නම් නැහැ. සුභවාදී ආකල්ප, ක්‍රියාශීලී බව, ආදරය වගේ දේවල් අපේ ජීවිතයට සුභවාදී ප්‍රතිඵල ආකර්ෂණය කරනව වගේම අසුභවාදී ආකල්ප, අලසබව, වෛරය වගේ දේවල් අපිට නරක ප්‍රතිඵල ආකර්ෂණය කරනව
2. Law of Attraction ඉතිහාසය
මේ Law of Attraction කියන්නෙ ඉතිහාසය පුරාවට හුඟක් අයගේ ජීවිත ආලෝකමත් කරපු නීතියක්. වසර දහස් ගාණකට කලින් මේ විශ්වීය නීතිය ගැන මනුස්ස වර්ගයාට උගන්නපු පළමු ශාස්තෘවරයා විදිහට සැලකෙන්නෙ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ඉගැන්වීම අනුව අපි හිතන පතන දේවල් අනුව අපි ගතකරන ජීවිතය තීරණය වෙනවා. මේ සංකල්පය බටහිර සංස්කෘතියට පැමිණීමත් එක්ක “Karma” කියන කාරණාව සංකල්පයක් විදිහට මුළු ලෝකෙම ප්‍රචලිත වෙනවා. ඒ වගේම ශුද්ධ වූ බයිබලයේ ‘As a man thinketh in his heart so is he’ කියල සඳහන් වෙන වාක්‍යයෙන් කියවෙන්නෙත් මේ සංකල්පයට හුඟාක් ලඟින් යන අදහසක්. එහෙම බැලුවම ආගමික ශාස්තෘන් හුඟක් දෙනෙකුත් අනුමත කරපු දෙයක් මේ විශ්වයේ ආකර්ෂණ නීතිය කියන්නෙ.
1. Law of Attraction කියන්නෙ මොකක්ද?
මේ Law of Attraction කියන සිද්ධාන්තයේ හැබෑ ගැඹුර දන්න, මේ සිද්ධාන්තය අපේ එදිනෙදා ජීවිතේට කොයිතරම් නම් බලපානවද කියල දන්න පිරිස මේ ලෝකෙ බොහොම අඩුයි. හැබැයි දැනගෙන හිටියොත් අපි හැමෝටම ලොකු ප්‍රයෝජනයක් තියෙන කාරණාවක් තමයි මේ. කොහොමහරි දැනගෙන හෝ නැතුව අපි ජීවිතේ ගෙවන හැම තප්පරයකදිම අපි සජීවී කාන්දම් වගේ විශ්වයට නිකුත් කරන සිතුවිලි, ක්‍රියාවන් වල හොඳ හෝ නරක ප්‍රතිඵල ආකර්ෂණය කර ගන්නවා. මේක ටිකක් බුදු දහමේ උගන්වන හේතු ඵල වාදයටත් සමානයි. හැබැයි ඊට වඩා ටිකක් වෙනස්. මේ හේතු ඵල වාදයට මීට වඩා හුඟාක් සමීප කාරණාවක් විශ්වීය නීති යටතේ Law of Cause and Effect කියලා සාකච්ඡා වෙනවා. හේතු ඵල වාදයේදී ක්‍රියාවට නොනැගුණු සිතුවිලි වැටෙන්නෙ අවිඥප්ති කාර්ම ඝණයට. හැබැයි මේ Law of Attraction කියන විශ්වීය නීතියේදී සිතුවිලි පවා අපිට හොඳ නරක ආකර්ෂණය කරන්න බලපානවා.
ලෝක ප්‍රකට “The Secret” කෘතිය ඇසුරෙන් ආකර්ෂණයේ නීතිය ඔබේ ජීවිතයටත් ඇතුළු කර ගැනීමට උපදෙස් කිහිපයක්
1. පළමුව ඔබේ මනස සැහැල්ලු කරන්න. ඔබට අවශ්‍ය දේ ඔබේ මනසට කාවද්දවා ගැනීමට නිරවුල් මනසක් අත්‍යාවශ්‍ය යි. බොහෝ සාර්ථක පද්ගලයින් භාවනා කිරීමටත්, යෝග ව්‍යායාම වලටත් යොමුවීමටත් මෙය ප්‍රධාන හේතුවක්. ඔබේ මනස අවුල් කරන දෑ වලින් හැකිතාක් ඈත් වන්න.
2. ඔබට අවශ්‍ය දේ කුමක්ද යන්න හැරියටම තේරුම් ගන්න. ඒ පිළිබඳව ඔබට සැක තියෙන්න බැහැ. ඔබේ මනසේ සිතුවිලි වලින් විශ්වයට ඔබ පණිවිඩයක් යවන බව තේරුම් ගන්න. විශ්වය ප්‍රතිචාර දක්වන්නේ ශක්තිමත් තරංග වලට පමණයි. ඔබට අවශ්‍ය දේ පිළිබඳ ඔබටත් විශ්වාසයක් නැතිනම් එවැනි දුර්වල තරංග වලට විශ්වය ප්‍රතිචාර දක්වන්නේ නැහැ.
3. ආකාර්ෂණය වීමේ නීතිය පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තබන්න. ඔබට අවශ්‍ය යැයි ඔබ ධාරණය කරගත් දෑ විශ්වය ඔබ වෙත ලබා දෙන ඔබට විශ්වාස කරන්න.
4. ඔබට අවශ්‍ය දෙය ඔබට ලැබී ඇති ආකාරය නිතර මනසින් දක්න්න. ඔබට අවශ්‍ය කෝටිපති ව්‍යාපාරිකයෙකු වීමට නම් ඔභ එතැනට ලඟා වී ඇති අයුරු සිතේ මවා ගන්න. විශාල කාර්යාලයක ඔබ යටතේ ඇති විශාල සේවක පිරිසක් පාලනය කරන අයුරු හිතේ මවා ගන්න. එම සතුට විඳින්න. සතුට විඳින සෑම විටම එය ලබා දෙන මෙන් විශ්වයට සිතුවිලි වලින් බල කරන්න.
5. ඔබට ජීවිතයේ ලැබී තිබෙන දෑ කොලයක ලියන්න. ඒ පිළිබඳව අවංකවම සතුටු වෙන්න. තමාට ලබා ගැනීමට අවශ්‍ය දේ සහ ඒ සඳහා යොමුවන ආකාරයද නිතර නිතර කොළයක ලියන්න. ඔබ විශ්වාස කරන දෑ විශ්වය විසින් ඔබට ලබා දෙන බවට ඇති විශ්වාසය වෙනුවෙන් ස්තුති කරන්න. තමන් දිනෙන් දින ක්‍රමයෙන් ඇරමුණු වලට ලඟා වන අයුරුතම ශරීරයට ජීවයක් කරගන්න.
6. ඔබට ලඟාවන හොඳ හෝ නරක සියළු අත්දැකීම් වලට හේතුව ඔබේ සිතුවිලියි. නිතරම ලෙඩ රෝග ගැන කතා කරන අයට නිතරම ලෙඩ රෝග හැදෙනවා. නිතරම සතුට සහ සෞභාගග්‍ය පිළිබඳ කතා කරන අයට නිතරම සතුටුදායක සැපවත් දේවල් සිදුවනවා. ඔබ ඔබේ මනසින් සිතන සෑම දෙයකටම ඔබ මනසින් ආරාධනා කරනවා. ඔබ සිතන දේ හොඳ වුනත් නරක වුනත් ඔබ ඒ පිළිබඳ සිතනවා යනු ඔභ ඒවාට ඔබේ ජීවිතයට ආරාධනා කර අවසන්. සිතුවිලි වල ප්‍රභලතාවය වැඩිවන තරමට ආරාධනයේ ප්‍රභලතාවය වැඩි වනවා. මේ නිසා නරක දේවල් හිතන්න පෙර ප්‍රවේසම් වන්න.
7. ඔබට ලබා ගැනීමට අවශ්‍ය කුමක්ද යන්න පිළිබඳව වැඩිපුර හිතන්න එපා. ඔබේ හැඟීම් සහ ඔබට දැනෙන දේ පමණක් විශ්වාස කරන්න. එය ලබා ගැනීමට ඇති ආශාව සහ අවශ්‍යතාවය වැඩිවන තරමට ඒවා ඉක්මනින් ඔබ කරා පැමිණෙනවා. වර්තමානයේ ඔබේ තත්වය සම්පූර්ණයෙන්ම අමතක කරන්න. ඔබ ලබා ගැනීමට බලාපොරොත්තු වන අත්දැකීම ඒ ආකාරයෙන්ම මනසින් විඳින්න. ඔලිම්පික් පිහිණුම් ශූර “මයිකල් පෙලිප්ස්” පැවසූ දෙයක් තමයි ඔහු කුඩා කල පිහිණුම් පුහුණුවන අවධියේ සෑම රාත්‍රියකම නින්ද යන තෙක්ම ඔහු ඔලිම්පික් තරඟ ජයග්‍රහණය කර රන් පදක්කම් ලබා ගන්නා අයුරු මනසින් මවා ගත් බවයි.
8. ආකාර්ෂණයේ නීතියේ බලය වැඩි කර ගැනීම සඳහා දිනකට විනාඩි 15 ක පමණ වේලාවක් ඒ සඳහාම වෙන් කරන්න. එම කාලය තුළ ඔබේ අරමුණු සිහින ගැන පමණක්ම සිතමින් විශ්වයට ඒවා ලබා දෙන ලෙස බල කරන්න. මෙය Powerful Thinking Time ලෙස හැඳින්වෙයි.
9. කනගාටුවීමට සිදුවන අවස්ථා සියල්ල මග හරින්න. විශේෂයෙන්ම අනුන්ගේ ප්‍රශ්ණ තමන්ගේ ඔළුවට ගන්න එපා. හත කලකිරවන ගීත, නාට්‍ය, චිත්‍රපටි මග හරින්න. ඍණාත්මක මිත්‍රයින්ගෙන් ඈත් වන්න. ඔබ කනගාටුදායික සිතුවිලි මවන තරමට තව තවත් ඒවා ඔබට ආකර්ෂණය වන බව මතක තබා ගන්න. සාර්ථක වීමට උවමනාව ඇති අය පමණක් ආශ්‍රය කරන්න.
10. ඔබේ සාර්ථකත්වයේ සිහින ඔබේ මාර්ග උපදේශකයා කර ගන්න. ඕනෑම සිහිනයක් සාර්ථක කර ගත හැක්කේ කැපවීමෙන් බව මෙනෙහි කරන්න. නරක පුරුදු අත්හැර උදෑසන අවදි වීම, ඔබේ දෛනික , මානසික සැලැස්මට අනුව කාර්යක්ෂමව උන්නදුවෙන් වැඩ කිරීමට පුරුදු වන්න. සත්‍ය නම් ඔබට යමක් අවංකවම අවශ්‍ය නම් ඔබ තුල එය ලබා ගැනීමට කිසිදු කම්මැලිකමක් ඇති වන්නේ නැහැ. ඔබ තුල තවමත් කම්මැලිකමක් තිබේනම් ඉන් කියවෙන්නේ ඔබ තවමත් ඔබට අවශ්‍ය දේ අවංකවම විශ්වාස කරන්නේ නැහැ කියන එකයි. අවංකවම තමාට අවශ්‍ය දෙය විශ්වාස කරන අය තුල කම්මැලි කම දකින්න ලැබෙන්නේ නැහැ.
ලෝකයේ ධනය සහ අනිකුත් සියළු සැප සම්පත් වලින් 96% ක් පමණ බෙදී ගොස් ඇත්තේ 01% තරම් සුළු පිරිසක් අතරයි. අනිත් 99% දෙනාම බාවිතා කරන්නේ ලොව ධනයෙන් සහ සැප සම්පත් වලින් 4%ක් පමණයි. මේ නිසා ලොව දුප්පත් හෝ රෝගී පුද්ගලයින් මෙම ලෝකය අසාධාරණ තැනක් ලෙස ලැතවෙනවා. ඔවුන් පවසන එක දෙයක් නිවැරදියි. එනම් ලොව සම්පත් බෙදී යන්නේ ඉතාමත් අසාධරණ ක්‍රමයකට යන වග. ඔවුන් නොදන්නා දෙය නම් සම්පත් එලෙස අසාධාරණ ලෙස බෙදී යන්නේ ආකාර්ෂණයේ නීතිය විශ්වාස කරන අය වෙත එම සම්පත් ඇදී යාම නිසා යන කාරණයයි.
"ආකාර්ෂණය වීමේ නීතිය" යන රහස ඔබට ධනය, සතුට, නිරෝගී බව ඇතුළු සියළු දේ ලබා දෙනවා. ඔබට උවමනා දේ කරන්න ලබා ගන්න හා යමෙක් වෙන්නට හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය දේ ලඟා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය දේ කෙතරම් විශාලද යන්න එයට වැදගත් නැහැ. ඔබට අවශ්‍ය මොන වගේ නිවසක්ද? ඔබට කෝටිපතියෙකු වන්න අවශ්‍යද? ඔබට සාර්ථක වන්න අවශ්‍යද? මේ සෑම දෙයක්ම ඔබට ඒවා ලබාගැනීමට ඇති ආසාවේ ප්‍රබලතාවය නිසාම ඔබ වෙත ආකර්ෂණය වෙනවා. ඔබ තුළ ඇති වන මෙම තදබල ආශාව හරියටම ප්‍රබල කාන්දමක් වගේ. ඔබට අවශ්‍ය දෙය කුමක් වුවත්, කෙතරම් විශාල වුවත් ඔබව ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නැහැ. ඒවා ඔබ වෙත ඇදී එන්නේ ඔබව පුදුමයට පත් කරවමින්.
සඳ මත මිනිසකු ගොඩ බැස්සවීම සඳහා උපකාරී වූයේත් ඒ පිළිබඳ විශ්වාස කළ පුද්ගලයින් නිසයි. ඔබ විශ්වාස කරනවානම් ඔබට තරු අතරට වුවත් ගමන් කළ හැකියි. මෙලොව සිදුවී ඇති සියල්ලටම රහස මෙම ආකාර්ෂණයේ නීතියයි. අද වෙන දේත්, වෙන්න තියෙන සියළු දේත් මෙම නීතියට අනුව සිදු වේවි. ඔබේ ජීවිතයේ ඔබට වෙන සියළු දේත් ඔබ ආකර්ෂණය කර ඇති දේවල්, සියළු දේ පළමුව ඔබේ මනස තුළ ගොඩනැගෙනවා. ඔබට අවශ්‍ය ඔබ සිතන දෑ සියල්ල මනසින් දකින්න. ඔබේ මනසින් ඔබ විශ්වාසයෙන් දකින දෑ සියල්ල ඔබ ආකර්ෂණය කර ගන්නවා.
ලොව සාර්ථක වී ඇති සියළු දෙනා මෙම රහස ඉතා හොඳින් දන්නවා. ඔබ නොදැන සිටියාට විශ්ව බලයෙන් ලෙඩ සුව කරන ව්‍යාපාර සාර්ථක වීම ගුරුකම් කරන ස්ථාන වල අය මේ රහස පිළිබඳව හොඳින් දන්නවා. ලෙඩ රෝග සුව කර ගැනීමට, ව්‍යාපාර දියුණු කර ගැනීමට ඔවුන් වෙත පැමිණෙන සියළු දෙනා තුලම මේ පුද්ගලයින් ඇති කරන්නේ විශ්වාසයයි. ලෙඩ රෝග වැළඳී ඇති අයට ඔවුන් පවසන වතාවත් වලට අනුව ජීවත් වෙයි නම් එම රෝග සුව වන බවට විශ්වාස ඇති කරවනවා.
ව්‍යාපාර සාර්ථක වීම අවශ්‍ය අයගේ හිස මත දෙහි ගෙඩියක් තබා දෙහි කපා දෙහි පාගා ඇති කරවන්නේ එම විශ්වාසයයි. තම අරමුණු පිළිබඳව විශ්වාසයක් නොමැතිව එවැනි ස්ථාන වෙත යන පුද්ගලයින් ඉන් නික්ම යන්නේ දැන් තමාට අවශ්‍ය දේ ඉහත පුද්ගලයා විසින් ලබා දෙන බවට පුදුමාකාර විශ්වාසයකිනි. එම විශ්වාසය නිසාම එම පුද්ගලයින් බොහෝ දෙනා තම අරමුණු කරා ලඟා වෙනවා. මේ නිසා තමයි සෑම කපුමහතෙක්ම “මහත්තයා මම හරි දෙයියො හරි විශ්වාස කරනවා නම් විතරයි ඉතින් හරි යන්නේ – විශ්වාස නැතුව මේවා කරාට නම් වැඩක් වෙන්නේ නෑ.” කියලා පවසන්නේ. එක අතකින් එවැනි කපු මහතුන් සමාජයට සේවයක්ද කරනවා. මොකද තමා තුල තනිවම විශ්වාසය ගොඩ නගා ගත නොහැකි දුර්වල උදවියට එම විශ්වාසය ගොඩනගා ගැනීමට දායක වීමෙන්. එම කපු මහතුන් ඔබව රවටා හෝ “ආකර්ෂණයේ නීතිය” ඔබට වක්‍රාකාරව කියා දෙනවා.
මේ නිසා ඔබ තුළ කුමන ආගමික, දේව විශ්වාස තිබුණත් ඒවා ආකර්ෂණයේ නීතියට ගැටළුවක් වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ කෙසේ හෝ ඔබට අවශ්‍ය දේ පිළිබඳව 100% ක්ම විශ්වාසය තැබීම පමණයි. එවැනි අයට කෝටිපතියෙක් වීම, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම වැනි දෑ ඉතාමත් පහසුයි. හොඳින් මතක තියා ගන්න. විශ්වාසය 99.9% ක් ප්‍රමාණවත් නැහැ. 100% ක් විශ්වාස ඇති අයට පමණයි විශ්වය ප්‍රතිචාර දක්වන්නේ.
( ලෝක ප්‍රකට “The Secret” කෘතිය ඇසුරෙන්. -චන්දිම හේරත්)
විශේශ ස්තුතිය “ගීක් මල්ලී බ්ලොක් ට්‍රයි”