වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන්, වතු කම්කරුවෝ සටනට
වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන් ලබාදුන් බව පවසමින් තලවකැලේ ආගරපතන ග්ලාස්ගෝ වත්තේ වතුකම්කරුවෝ ඊයේ(30) විරෝධතාවයක නිරත වී තිබේ.
තමන්ට වැටුප් අත්තකාරම් මුදල්ද මෙසේ අඩුවෙන් ලබාදීම හේතුවෙන් විශාල දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට තමන්ට මුහුණ දීමට සිදුවී ඇති බව විරෝධතාවයේ නිරත වතු කම්කරුවෝ පවසයි. තලවකැලේ – ඩයගම මාර්ගය අසලට ආගරපතන ප්රදේශයේදී එක්රැස් වූ මෙම පිරිස විරෝධතාවයේ නිරතවී පසුව විසිර ගොස් තිබේ.
View On WordPress











