සමාජ ජාල මාධ්‍ය තහනම වහාම ඉවත් කරන්න - ජනපති මෙතෙක් සමාජ ජාල වෙත පනවා තිබූ තහනම වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකතුමා වෙත නියෝග කර ඇත. නමුත් රටේ පවතින තත්වය හේතුකොටගෙන මෙම සමාජ ජාලා මාධ්‍ය භාවිතයේ දී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන විශේෂයෙන් ඉල්ලා සිටී.










