මගේ මව්බිම පින් බිමක්...🙏🇱🇰❤️
❌ඇමරිකාවේ වගේ දරුණු සුළි කුණාටු නැති රටක්...
❌චීනේ වගේ භූමි කම්පා නැති රටක්...
❌ජපානේ වගේ ගිණි කඳු නැති රටක්...
❌අරාබියේ වගේ කාන්තාර නැති රටක්...
❌එංගලන්තයේ ශීත කාලේ වගේ හිම වැටෙන්නේ නැති රටක්...
❌ඔස්ට්‍රේලියාවේ ගිම්හාන කාලේ වගේ පිච්චෙන්නේ නැති රටක්...
❌සිංගප්පූරුවේ වගේ පානීය ජලය ආනයනය නොකරන රටක්...
❌ඉන්දියාව හා පකිස්ථානය අතර වගේ දේශ සීමා නොමැති රටක්...
✅365 දවසෙම හිරු එළිය වැටෙන රටක්...
✅ගංඟා, දිය ඇලි, ඇල, දොල, ඔය බහුල රටක්...
✅බීජයක් විසිකලත් පැලවෙන සාරවත් පොළොවක් ඇති රටක්...
✅වියළි, තෙත් හා අතරමැදි දේශගුණික කලාප තියෙන රටක්...
✅ආවේණික වූ ද දුර්ලභ වූ ද ශාක හා සතුන් බහුල රටක්...
✅ස්වභාවික වරායන් හා සුන්දර වෙරළ තීරයන් සහිතව මුහුදෙන් වටවුන රටක්...
✅ලෝකේ හොඳම නිල් මැණික් ඇතුළු වටිනා මැණික් වර්ග රාශියක් තිබෙන රටක්...
✅පොස්පේට් නිධි, ඛනිජ වැලි නිධි, යපස් නිධි, මිනිරන් නිධි තිබෙන රටක්...
👑වෙදකම, වාස්තු විද්‍යාව, වාරි තාක්ෂණය ඇතුළු ඉතා දියුණු විද්‍යාවන් හා තාක්ෂණයන් ද කාලය මැනීම, අවකාශය මැනීම ආදී දේශීය දැනුම් සම්බාරයක් ද අතීතයේ සිට උරුම වුනු රටක්...
💪කෘෂි කර්මාන්තය, මැටි කාර්මාන්තය වැනි දේශීය කර්මාන්ත රැසක් ද අංගම්පොර වැනි දේශීය සටන් ක්‍රම ද පාරම්පරිකව පවත්වාගෙන ආපු රටක්...
🏆විදේශයන්වල පවා ජය ගත්තු පුද්ගලයන් හිටපු සහ ඉන්න රටක්...
🌏ස්වභාවික සුන්දරත්වයෙන් ද ඓතිහාසික වටිනාකමකින් ද ලොව ප්‍රකට රටක්...
🇱🇰ශ්‍රී ලංකාව නිසි කළමනාකරණයකින් පාලනය කලා නම් සංවර්ධිත රටක් වීමත්, ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක් වීමත්, හීනයක් නොවෙනු ඇත...
උපුටා ගැනීමකි











